• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ට යළි අවස්ථාවක් ලබා දිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

22 May 2024
in දේශීය, පුවත්
ජනපති රනිල්ට යළි අවස්ථාවක් ලබා දිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් මෙරට ගොඩ ගත් නායකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවසාය කිහිපයක් සඳහා ආයෝජකයන් සොයා ගෙන ඒවා ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට රජයේ අවසරය ලබා දී ති‍බුණා. ඒ අනුව හිල්ටන් හෝටලය වැනි ආයතන සඳහා විනිවිදභාවයෙන් යුක්තව එම ආයෝජන ලබා ගෙන එමඟින් රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම, සේවකයින්ට කොටස් ලබා ‍දීම සහ ආයතනය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරනවා. මෙම ආයෝජන තුළින් බලාපොරොත්තු වන්නේ රජයේ තක්සේරු වටිනාකමට වඩා වැඩි මුදලක් ලබා ගැනීමයි. තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව රජයේ තක්සේරු වටිනාකමට අඩුවෙන් කිසිම පෞද්ගලික ආයෝජකයකුට රාජ්‍ය ව්‍යවසාය ලබා ගැනීuට ඉඩක් නැහැ. ඒ වගේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අති විශාල ණය ප්‍රමාණයක් තිබෙනවා. ඉන් කොටසක් රජය විසින් දරා ගත්තද, ගුවන් සමාගම සඳහා පැමිණෙන ආයෝජකයා ඉතිරි ණය ප්‍රමාණය දරා ගැනීමට තරම් ශක්තිමත් විය යුතුයි. ඊට අමතරව කොළඹ හයට් හෝටලය, ක්‍රිස් සහ ඩෙස්ටිනි යන ව්‍යාපෘති සඳහා රජයේ වටිනා ඉඩම් ලබා දී තිබෙනවා. මේ වන විට එම ආයෝජකයන් එකී ව්‍යාපෘති අත් හැර දා ගොස් තිබෙනවා. ක්‍රිස් ව්‍යාපෘතියෙන් අවසානයේ ඉතිරි වී තිබෙන්නේ නටබුන් වූ ගොඩනැගිල්ලක් සමඟ පරිසර ප්‍රශ්නයක් පමණයි. ඒ වගේම කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 60ක් වියදම් කර ඇති අතර ඒ මෙරට ජනතාවගේ මුදල් බව පැවසිය යුතුයි. මෙම හයට් හෝටල් ව්‍යාපෘතියට අදාළව තවත් ඩොලර් මිලියන 35 ක ණයක් ගෙවීමට තිබෙනවා. කොළඹ නගරයේ තිබෙන ඉතා වටිනා ඉඩමක් මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කර ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අප අදහස් කරනවා. ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ විශාල විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බව අපේ විශ්වාසයි. පසුගිය සමයේ පැවති ආර්ථික දුෂ්කරතා‍වයෙන් රට ගොඩ ගැනීමත් සමඟ මේ වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම නවත්වා දමා තිබූ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා‍ගේ වැඩපිළිවෙල තුළ සිදු වූ ආර්ථික ශක්තිමත් වීම හේතුවෙන් අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුදලක් වෙන් කිරීමට හැකි වී තිබෙනවා. තවද බලපත්‍රලාභී ඉඩම් සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම වෙනුවෙන් වන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙවැනි වැඩකටයුතු රාශියක් රජය විසින් ක්‍රියාත්මක කර සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8,483
Previous Post

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් – ජනපති

Next Post

ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක්

editor ttvnews

editor ttvnews

Next Post
ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක්

ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved