• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි – පරිසර ඇමැති

4 April 2021
in සංවර්ධන

කොළඹ නගරය ලොව පළමු රැම්සාර් තෙත් බිම් නගරය වශයෙන් සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දායකත්වය අගය කල යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (03) තිස්සමහාරාමයේ දී පැවැති රුක්රෝපණ වැඩ සටහනකට සහභාගි වෙමිනි. අප්‍රේල් මස 16 දිනට යෙදෙන නැකතට පැළයක් ජාතික රුක් රෝපණ නැකතේ දී රෝපණය කිරීම සඳහා පැළ වර්ග මහජනතාවට බෙදා දීම එහිදී සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා “ පරිසරය ආරක්ෂා කිරීම රජයක වගකීමක් වගේම මහජනතාවටත් එහි වගකීමක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යුතුකම් ඡේදයේ සඳහන් වන ආකාරයට රටේ සෑම පුරවැසියෙක්ම අප රටේ පරිසරය රැක ගැනීමේ වගකීමක් තිබෙනවා. ඒ නිසා රජයට පමණක් දොස් තැබීමෙන් පළක් නෑ. කිසියම් පුද්ගලයෙක් පරිසරය විනාශ කිරීමට කටයුතු කරන විට ඒ සම්බන්ධව අදාළ අංශවලට දැනුම් දීමට කටයුතු කරනවා නම් අපිට මේ පරිසර හානි වළක්වා ගැනීමට පුලුවන්. මින් දශකයකට පෙර කොළඹ නගරය තුළ පැවැති තත්ත්වය ඔබට මතක ඇති. හැම තැනම කුණු කඳු ගොඩ ගැහිලා තිබුනා. බල්ලෝ කපුටෝ කුණු කඳුවල ඇති කුණු ඇදගෙන ගොස් හැම තැනම විසිරුවනවා. බස් එකක ඇස් දෙක පියාගෙන එන මනුස්සයෙක් කොළඹට ඇතුල් වන බව දැන ගත්තේ කැළණි පාළම උඩට එන කොට නහයට දැනුන කුණු කන්දේ දුර්ගඳෙන්.

නමුත් මේ කුණු කඳු දැන් නැහැ. ඒ වගේම මේ කුණු කඳු සියල්ලම ගොඩගැහිලා තිබුනේ තෙත් බිම් අසළ. දියවන්නාව, බෙල්ලන්විල, කිඹුලාඇළ, කොළොන්නාව, දියසරු උයන, හා බේරේ වැව දෙපස තෙත්බිම් ආශ්‍රිතව පැවැති තත්ත්වයන් මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒවා සියල්ලම දුගඳ හමන වගුරු බිම් බවට පත් වී තිබුනේ. අද මේ හැම තැනම අලංකාර පරිසරයක් සහිතව සංරක්ෂණය වෙලා. ඒ ආශ්‍රිතව මිනිසුන් බහුලව ගැවසෙනවා. ඉස්සර මේ තෙත් බිම් අස්සේ සිදුවුනේ කසිප්පු පෙරණ එක. එහෙම නැත්නම් හොර හරක් ජාවාරම. ගංජා අලෙවි කිරීම වගේ දේවල් නමුත් අද එහෙම නැහැ. නීතිගරුක පුරවැසියන් පිරිසක් බිහිවෙන්න නම් යහපත් ආරක්ෂිත ස්වාභාවික පරිසරයක් හැදෙන්න ඕනෑ. අද කොළඹ තෙත් බිම් සියල්ලම අනාගත පරපුර සඳහා ආරක්ෂිතව තිබෙනවා. එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ජනාධිපතිවරයාට. එතුමා තරම් මේ රටේ පරිසරය සංරක්ෂණයට විදිමත් හා දැක්මක් සහිතව කටයුතු කරපු නායකයෙක් තවත් නැහැ.

අද සමාජ මාධ්‍ය තුළ එතුමාට එල්ල කරන චෝදනාවල කිසිදු පදනමක් නැහැ. ඒවා තනිකරම දේශපාලනික මඩ. පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ වෙනත් රටවල සිදුවන පරිසර හානි අපේ රටේ සිදුවෙනවා යැයි සඳහන් කරමින් පළ කර තිබුනා. ඒවා අපි රටට හෙළි කළා. ඇමසන් වනයේ දැවැන්ත ඕක් ගස් කපන ඡායාරූප අපේ රටේ සිංහරාජයේ දැවැන්ත ගස් කපන බවට පළ කර තිබුනා. නමුත් සිංහරාජයේ ඕක් ගස් නැති බව අපේ රටේ ජනතාව දන්නවා.

මුතුරාජවෙළ ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ඉතා හොඳ වැඩ පිළිවෙළක් යෝජනා කළා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ එහි සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා. නමුත් මුතුරාජවෙළ තෙත් බිම ආරක්ෂා කර ගන්න ඕනෑ කියන අයම ඒකට විරුද්ධ වුනා. ඒ අය එමගින් සිදු කළේ මුතුරාජවෙළ විනාශ කරන ජාවාරම්කාරයින්ට සහයෝගය පළ කිරීමක් බවයි මම හිතන්නේ.

නමුත් මුතුරාජවෙළ තෙත් බිම ඇතුළේ දැන් බහුළව සිදුවන්නේ අනීතික ක්‍රියා. කසිප්පු පෙරනවා. කුඩු ජාවාරම කෙරෙනවා. මේවා ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගත් අවස්ථා ඔබ දැක තිබෙනවා. මේවා නවත්වන්න නම් සිදු කළ යුත්තේ මේ පරිසරය සංරක්ෂණය කිරීම මගින් මහජනතාව ගැවසෙන ස්ථාන බවට පත් කිරීම. මහජනතාවට පරිසරය විඳීමට ඇති අවස්ථා පුළුල් කිරීම. මෙම තෙත් බිම් පාළුවට හැරීම මගින් නීතිවිරෝධි ක්‍රියා සිදු වෙනවා.

කොහොම වුනත් අපේ රටේ පරිසරය විනාශකරන්න වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේ වනගහණය අඩුවෙන්නට අපි ඉඩ තබන්නේ නැහැ. අපි හැකි තරම් රුක්රෝපණ වැඩ සටහන් මගින් මේ රටේ රුක්ගහණය ඉදිරි වසර කිහිපය තුළ වැඩි කරනවා. නමුත් අපිට මහජනතාවගේත් සහයෝගය අවශ්‍යයි.

අප්‍රේල් මස 16 දින හොඳ රුක් රෝපණ නැකතක් උදා වෙනවා. එදින උදේ 6.40ට යෙදෙන සුබ මොහොතින් අපේ රටේ හැම ගෙවත්තකම කුමක් හෝ පැළයක් රෝපණය කරන ලෙස මම රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Post Views: 7
Previous Post

සුදු වෑන්, කිඹුල්ලු, මෝරුන් ගැන බොරු කී අය අද කතා ගොතන බව ජනපති කියයි

Next Post

කණුගහවැව ආදර්ශ ගම්මානය ජනපති අතින් ජනතා අයිතියට

editor

editor

Next Post

කණුගහවැව ආදර්ශ ගම්මානය ජනපති අතින් ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved