• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිසිම බලවේගයකට බය නැති බව ජනපති කියයි

23 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බව ද පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එසේම තමා ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට, ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැති බවත් ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා බවත් අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට අද (23) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය.

අනතුරුව වගා බිම් වෙත පැමිණි ජනාධිපතිවරයා එහි වගා කොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳ නිරීක්ෂණය කළේය. කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද දැක බලා ගනු ලැබීය.

ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරයි.

තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමය. දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම් ය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දිහා පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බව ද පැවසූ ජනාධිපතිවරයා ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බව ද පවසනු ලැබීය.

කාබනික වගාවන් හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්විය.

අනතුරුව උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ ඇති කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය.

අමාත්‍යවරුන් වන ජෝන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, යූ.කේ. සුමිත්, සමන්ප්‍රිය හේරත්, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ, උඩුබද්දාව ප්‍රාදේශීය සභා සභාපති රාජ් සිසිර කුමාර සහ බිංගිරිය ප්‍රාදේශීය සභා සභාපති දිමුත් තුෂාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

මව්බිම පත්තේ පල කල ලිපියට SPC ය CID පැමිණිලි කරන බව කියයි – ලේකම් රත්නායක

Next Post

ධීවර උද්ඝෝෂණ සුමන්දිරන්ගේ රගපෑමක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් පවසයි

editor

editor

Next Post

ධීවර උද්ඝෝෂණ සුමන්දිරන්ගේ රගපෑමක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විද්‍යා ඝාතන නඩුවේ වරදකරුවෙකුගෙන්  පල්ලෙකැලේ බන්ධනාගාර රෝහලේ  වෛද්‍යවරියකට  ලිංගික අතවර උත්සාහයක්

විද්‍යා ඝාතන නඩුවේ වරදකරුවෙකුගෙන් පල්ලෙකැලේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර උත්සාහයක්

6 April 2026
ට්‍රම්ප්ගේ තර්ජනවලට  ඉරානයෙන් විනාශකාරී  ප්‍රතිප්‍රහාරයක් ගැන  අනතුරු ඇඟවීම්

ට්‍රම්ප්ගේ තර්ජනවලට ඉරානයෙන් විනාශකාරී ප්‍රතිප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීම්

6 April 2026

තායිලන්තය ආර්ථිකය නැංවීමට දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙයි

6 April 2026
ශ්‍රී ලංකාව  2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 12ක්

ශ්‍රී ලංකාව 2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 12ක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව  2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 12ක්

ශ්‍රී ලංකාව 2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 12ක්

6 April 2026
යුක්රේනය සහ සිරියාව  ආරක්ෂක සහයෝගීතාවයට එකඟ වෙයි

යුක්රේනය සහ සිරියාව ආරක්ෂක සහයෝගීතාවයට එකඟ වෙයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved