• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති –  බිම්ස්ටෙක් සමුළුවට හෙට සහභාගි වෙයි 

29 August 2018
in දේශීය

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද හෙට (30) දින සහභාගී වීමට නියමිතයි. 

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම සමුළුව 30 සහ 31 වනදා පැවැත්වේ. 

සමුළුව අවසානයේදී, බිම්ස්ටෙක් සංවිධානයේ  වත්මන් සභාපතිත්වය දරන නේපාලය විසින් එම සභාපති ධුරය  ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.

සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ගේ හුදෙකලා රැස්වීමක්ද ඇතුළත් සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවට පෙර 16 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමද, බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ 19 වැනි සැසිවාරයද පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ජනාධිපතිවරු, ඉන්දියාවේ, බංග්ලාදේශයේ, නේපාලයේ සහ තායිලන්තයේ අග්‍රාමාත්‍යවරු මෙන්ම භූතාන රජයේ ප්‍රධාන උපදේශකවරයා මෙම සමුළුව සඳහා සහභාගි වන සිය දූත පිරිස්වල නායකත්වය දරති. සමුළුවේ අවසන් දිනය වන අගෝස්තු මස 31 වැනිදා රාජ්‍ය නායකයන් විසින්,  ” සාමකාමීබවෙන්, සශ්‍රීකත්වයෙන් සහ තිරසරබවෙන් යුත් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයක්” යන මැයෙන් යුත් සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවේ ප්‍රකාශනය සම්මත කරගැනීමට නියමිතය.

මීට අමතරව, සමුළුව අතරතුරදී බිම්ස්ටෙක්  විදුලි ජාලක  අන්තර් සම්බන්ධකතාව වෙනුවෙන් එළැඹෙන අවබෝධතා ගිවිසුමකටද  රාජ්‍ය නායකයන් ඉදිරිපිටදී අත්සන් තැබීමට නියමිතය.

සමුළුවේ රැස්වීම් අතරතුරදී බිම්ස්ටෙක් කලාපයේ වර්ධනය සහ ආර්ථීක සෞභාග්‍යය ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛතා අංශ යටතේ එකඟ වූ මූලාරම්භයන් රැසක් සමාලෝචනයට ලක් කෙරෙනු ඇත. වෙළෙඳ හා ආයෝජන, තාක්ෂණය, බලශක්තිය, ප්‍රවාහනය හා සන්නිවේදනය, සංචාරක කටයුතු, ධීවර කටයුතු, කෘෂිකර්මය, සංස්කෘතික සහයෝගිතාව, පරිසරය සහ ආපදා කළමනාකරණය, මහජන සෞඛ්‍යය, පුද්ගලාන්තර සම්බන්ධතා, දිළිඳුකම පිටුදැකීම, ත්‍රස්තවාදය පිටුදැකීම හා ජාත්‍යන්තර අපරාධ, සහ දේශගුණික විපර්යාස බිම්ස්ටෙක් සංවිධානයේ සහයෝගීතාව යටතට අයත් ප්‍රම්‍රඛතා අංශ වේ.

1997 වසරේදී ආරම්භ කරන ලද බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහාවූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම (බිම්ස්ටෙක්) දකුණු සහ ගිණිකොණදිග ආසියානු රටවල් එකිනෙකා හා සම්බන්ධ කරයි. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපය ලෝක ජනගහනයෙන් 21% ක ප්‍රතිශතයකට නිජබිම වන අතර, එහි සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 6.5% කි.

තාක්ෂණ අංශය  සඳහා  ප්‍රමුඛත්වය දරන  රට  ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති අතර, මේ යටතේ ශ්‍රී ලංකාව තුළ තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සලකා බලමින් පවතියි. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉලක්ක කරගනිමින් සාමාජික රටවල් අතර සහයෝගීතාව හා හවුල්කාරීත්වය ඔස්සේ ඔවුන්ගේ තාක්ෂණ පදනම පුළුල් කිරීම මෙම  මධ්‍යස්ථානයෙන් අපේක්ෂා කෙරේ.

තෙවැනි බිම්ස්ටෙක් සමුළුව 2014 වසරේදී මියන්මාරයේ නේ පී ටෝ නුවර පැවැති අතර, 2016 වසරේදී බිම්ස්ටෙක් නායකයන්ගේ හුදෙකලා රැස්වීමක්ද, බ්‍රික්ස් සහ බිම්ස්ටෙක් සංවිධානවල ඒකාබද්ධ සමුළුවක්ද ඉන්දියාවේ ගෝආ හිදී පැවැත්විණි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ විදේශ අමාත්‍යාංශයේ හා කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහූද, සමුළුවට සම්බන්ධ රැස්වීම්වලට සහභාගී වෙති.

සිය නේපාල සංචාරය අතරතුර  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැප්තැම්බර් මස 01 වැනිදා එරට ජනාධිපතිනි  බිද්‍යා දේවි භන්දාරි මහත්මිය සහ අග්‍රාමාත්‍ය ඛඩ්ගා ප්‍රසාද් ඔලි මහතා හමුවීමට නියමිතය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් නේපාල ජනාධිපතිනිය පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයකටද ජනාධිපති  සිරිසේන මහතා සහභාගී වනු ඇත.

මීට අමතරව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  සැප්තැම්බර් මස 01 වැනිදා ලුම්බිණි නුවරට යෑමට නියමිත අතර සැප්තැම්බර් මස 02 වැනිදා කත්මණ්ඩු නුවර සාක් මහලේකම් කාර්යාලයට පැමිණ එහි පැවැත්වෙන රුක් රෝපණ වැඩසටහනකටද එක්වීමට නියමිතය.

Post Views: 12
Previous Post

කරුණානිධිගේ පුත්‍රයා DMK නායකයා ලෙස පත් කෙරේ 

Next Post

ආරාධනා නැති නිසා – ටී.බී කලකිරෙයි ! 

editor

editor

Next Post

ආරාධනා නැති නිසා - ටී.බී කලකිරෙයි ! 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved