ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම අවස්ථාව හිමිවන්නේ 2025 වසරේ ජූලි මස 04 වැනි දිනට සිය සීමාවාසික පුහුණුව (Internship) සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිධාරීන් 453 දෙනෙකු සඳහා පමණක් බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
අයදුම්පත් භාර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එළැඹෙන අප්‍රේල් මස 04 වැනි දින දහවල් 12:00 දක්වා පමණක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඇත. නියමිත වේලාවට පෙර අයදුම්පත් යොමු නොකරන පිරිස් සම්බන්ධයෙන් අමාත්‍යාංශය කිසිදු වගකීමක් භාර නොගන්නා බැවින්, අදාළ කාලසීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














