අදට (මාර්තු 08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළේ, කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මෙවර තේමාව වන “Rights. Justice. Action. For ALL Women and Girls” යන්න පෙරදැරිව, කාන්තාව හුදු ප්‍රතිලාභියෙකු ලෙස නොව රටේ සංවර්ධනයේ සක්‍රීය හවුල්කරුවෙකු ලෙස පිළිගත යුතු බව ඇය පෙන්වා දුන්නාය.
විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයේදී, සේවා ස්ථානයේදී සහ පවුල තුළ කාන්තාවට එල්ල වන බාධාවන් ඉවත් කර ඇයට ගෞරවනීය ලෙස ජීවත් විය හැකි “පොහොසත් රටක්” නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය සඳහන් කළාය. කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම, තීරණ ගන්නා ආයතන තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සහ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. කාන්තාව යනු අනුකම්පාව බලාපොරොත්තු වන්නියක නොව බුද්ධියෙන් හා ශක්තියෙන් පිරිපුන් සමාජ පාර්ශවකරුවෙකු බව ද අග්‍රාමාත්‍යවරිය සිය පණිවිඩයෙන් වැඩිදුරටත් සිහිපත් කළාය.













