පිළියන්දල, ගොරකපිටිය ප්‍රදේශයේ පෞද්ගලික මුද්‍රණාලයක සේවය කරමින් සිටි 27 හැවිරිදි විවාහක තරුණයකු, මුද්‍රණ යන්ත්‍රයකට හිස සිරවීමෙන් ඊයේ (11) ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙනියාය, පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි මිලින්ද මදුසංක විජේසිංහ නැමැති මෙම තරුණයා, සිය බිරිඳ ද සේවය කරන එම ආයතනයේදීම මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් පරීක්ෂා කිරීමට ඔහු උත්සාහ කර ඇති අතර, එහිදී යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් ඔහුගේ හිස ඊට හසු වී ඇති බව ආරක්ෂිත කැමරා දර්ශන මගින් තහවුරු වී තිබේ. බරපතල තුවාල ලැබූ ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ ද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) දින පැවැත්වීමට නියමිතය. පිළියන්දල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














