පෞද්ගලික බස් රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව මෙතෙක් විධිමත් නොකිරීම හේතුවෙන් එළඹෙන සඳුදා (23) දින සිට බස් රථ ධාවනය බරපතළ ලෙස සීමා වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අනතුරු අඟවයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රවාහන බලධාරීන් එක්ව බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන කෝටාව මෙතෙක් නිසි පරිදි සකස් කර නොමැති බව ඔහු පෙන්වා දෙයි. දැනට පවතින QR කෝටාව යටතේ බස් රථයකට ලැබෙන්නේ ලීටර් 60ක් පමණක් වන අතර, එය දෛනික ධාවනයට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාගැනීමේදී ඇතැම් ප්‍රදේශවල ඩිපෝ තුළ ඉන්ධන නොමැති වීම නිසා බස් රථ හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














