143 හංවැල්ල – කොළඹ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයන් අද (09) පෙරවරුවේ සිට හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. කඩුවෙල සහ පිටකොටුව අතර ධාවනය වන බස් රථ සහ හංවැල්ල බස් රථ අතර මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වර්ජනයට හේතු වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ මහතා සඳහන් කළේ, අදාළ ආරවුල නිරාකරණය කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම අද උදෑසන සාකච්ඡාවකට කැඳවූ බවයි. එම සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය අවසන් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය. මෙම වර්ජනය හේතුවෙන් හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග ඔස්සේ ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.














