• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ආහාර තාක්ෂණයේ සහ ඇසුරුම්කරනයේ නව මානයන් සමගින් Pro Food, Pro Pack & Ag-biz- 2022 ප්‍රදර්ශනය ඇරඹේ

18 November 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හා විස්තීර්ණ ආහාර, කෘෂිකර්ම සහ ඇසුරුම් ප්‍රදර්ශනය වන Pro Food, Pro Pack & Ag-biz- 2022 ප්‍රදර්ශනය වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18 ) පෙරවරුවේ BMICH පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

මෙවර 19 වෙනි වසරට තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුග්‍රහය සහ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සහ Lanka Exhibition and Conference Services (Pvt) Ltd (LECS) විසින් සංවිධානය කරනු ලබයි.

දශක ගණනාවක් පුරා වූ අත්දැකීම් සහිතව ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රදර්ශනය තුලින් ජනතාවට ගොවිපල වගා බිමේ ක්‍රියාදාමයන් , ඇසුරුම් කිරීම, ප්‍රවාහනය සහ අවසාන වශයෙන් පරිභෝජනය දක්වා වූ ක්‍රියාදාමයන් සහිතව ආහාර කර්මාන්තයේ මෙන්ම ඇසුරුම්කරනයේ සමස්ත ක්‍රියාදාමයන් අත්විඳිය හැකිවෙයි. මෙවර ප්‍රදර්ශනයේ තේමාව ” Farm to the Fork ” යන්නයි.

ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ප්‍රදර්ශනය පැවැත්වීමට නොහැකි වූ අතර මෙවර ප්‍රදර්ශනය හරහා අනාගත ගැනුම්කරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට සහ ක්ෂේත්‍රය සඳහා භාවිතා කරන නව තාක්‍ෂණය අවබෝධ කර ගැනීමට හොද අවස්ථාවක් නිර්මාණය කරනු ලබයි. එමෙන්ම මෙම ප්‍රදර්ශනය ආහාර පාන කර්මාන්තයේ සියලුම අංගයන්ගෙන් සමන්විත වන අතර පාරිභෝගිකයාට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය වන සංකීර්ණ තොරතුරු සහ සූක්ෂම ක්‍රියාවලීන් පවා සන්නිවේදනය කිරීමට කටයුතු සැලසුම් කොට තිබෙයි.

මෙවර ප්‍රදර්ශනයට, ප්‍රදර්ශන කුටි 350 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වන අතර ප්‍රදර්ශනය භූමිය තුළ වෙනම මණ්ඩපයක් The Associated Commerce and Industry of India (ASSOCHAM) විසින් ඉදිරිපත් කරයි. එහි ඉන්දීය සමාගම් 50 ක පමණ ප්‍රදර්ශන කුටි අන්තර්ගත වෙයි. සදහා වෙන්කොට තිබෙයි. එමෙන්ම තවත් මණ්ඩපයක් සුළු හ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාරවලට අවශ්‍ය මෙවලම් සහ අගය එකතු කරන ලද ඇසුරුම්කරණ සේවා පිළිබඳ දැනුම ලබා දෙන “ජාතික ඇසුරුම් මණ්ඩපයක්” ලෙසින් ප්‍රදර්ශනය කොට තිබෙයි. එයට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය , ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය , තල් සංවර්ධන මණ්ඩලය , පෂ්චාත් අස්වනු පිළිබඳ තාක්ෂණ ආයතනය , අපනයන සංවර්ධන මණ්ඩලය , ජාතික මෝස්තර මධ්‍යස්ථානය , ජාතික ඇසුරුම්කරන මධ්‍යස්ථානය ආදි ආයතන ගනනාවක් තම දායකත්වය ලබාදී තිබෙයි. එමෙන්ම මෙහිදී විශ්වවිද්‍යාල සිසුන්ට ද තම නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට විශේෂ මණ්ඩපයක් ලබාදීම ප්‍රදර්ශනය තුළ දැකිය හැකි තවත් සුවිශේෂත්වයකි. එයට අමතරව Street Food Fiesta සහ Cooking Studio වැනි අංගත් මෙවර ප්‍රදර්ශනයට එක්කොට තිබෙයි.

මෙම සමස්ථ ප්‍රදර්ශන පරිශ්‍රය නැරඹීමට අමාත්‍යවරුන් එක්වූ අතර කර්මාන්ත අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේදී ආහාර සහ ඇසුරුම්කරන කර්මාන්තයන් වෙත ඔවුන්ගේ අවධානය වඩාත් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළයුතු බවයි. ඒ සදහා මෙවැනි ප්‍රදර්ශනයන් තුළින් ඉටුවන මෙහෙයද අගය කල කර්මාන්ත අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍රයන් තුළින් ආයෝජන අවස්ථාවන් වැඩිකරගැනීමට මෙන්ම මෙරට අපනයන ආදායම වැඩි කරගත හැකි ක්‍රමවේදයන්ට වඩාත් යොමුවිය යුතු බවත් සදහන් කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු නිළධාරින් , IDB සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , Srilanka Food Processors Association සභාපති ඩිලානෝ ඩයස් , LECS කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන් ධර්මදාස , NAC සභාපති මාරියෝ ඩි අල්විස් , ප්‍රදර්ශන කමිටු සභාපති තුසිත් විජේසිංහ ඇතුළු දෙස් විදෙස් සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරිත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් කරනවා – ජනපති

Next Post

Sri Lanka – Leopard Dynasty” වනජීවී ච්ත්‍රපටය ලෝකය පුරා විකාශනය කෙරේ

editor

editor

Next Post

Sri Lanka – Leopard Dynasty” වනජීවී ච්ත්‍රපටය ලෝකය පුරා විකාශනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved