සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි ප්‍රශ්න මුල් කරගෙන සෞඛ්‍ය සේවකයින් දඩමීමා කරගනිමින් කවුරුන් හෝ උද්ඝෝෂණ වැනි කටයුතු වලට පෙළඹෙන්නේ නම් එය කිසිලෙසකින් අනුමත නොකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පසුගිය වකවානුවේ පැවති එවැනි තත්ත්වයන් නිසා රට විශාල ව්‍යසනයට පත්වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එනිසා රටත්, රටේ ජනතාවත් ගැන සිතා එවැනි කටයුතු වලට මේ මොහොතේ එක් නොවන ලෙස තමා ඉල්ලා සිටින බවත්, පසුගිය වකවානුවේ එවැනි උද්ඝෝෂණ 800 ට වඩා පැවති බවත් ඉන් ඇති වූ තත්ත්වයන් ඉතා අමිහිරි බවත් හෙතෙම කීය.
දේශපාලන අවශ්‍යතා සඳහා සටන් කළ හැකියැයිද , එහෙත් එවැනි සටන් කළ හැක්කේ සැවොම ජීවත්ව සිටියහොත් පමණක් යැයිද බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.