• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතයයි

23 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතය බව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ (22) පැවැත පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්විමේදිය.

එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

“සමගි ජන බලවේගය” වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය වෙනත් පාර්ශ්ව වෙත ලබා දී ඇති බවයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ අතර සංවරණ හා තුලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් චර්‍යා ධර්ම පද්ධතියක් පවතින බවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් අජිත් පී.පෙරේරා මහතා කාරක සභාවේදී පැවසීය.පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරයන් වෙනුවෙන්ද චර්‍යා ධර්ම පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව ඔහු කාරක සභාවේදී මතු කළේය.

මැතිවරණවලට අදාළ සියලු ප්‍රතිසංස්කරණ තුළදි ජන්ද බලය ජනතාවගේ ස්වෛරීභාවයේ අංගයක් ලෙස තහවුරු විය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම එහිදී සහතික විය යුතු බවත් හෙතෙම කීවේය.

සියලු මැතිවරණ නිදහස් හා සාධාරණව පැවැත්වීම අතිශය වැදගත් බවද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව ඔහු කාරක සභාවේදී අවධාරණය කළේය.

මැතිවරණ ප්‍රචාරනයේ මූල්‍ය වියදම් නියාමනය සඳහා නව නීති සම්පාදනය විය යුතු බවත්, තරුණ හා කාන්තා නියෝජනය සහතික කළ යුතු බවත් හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මැතිවරණ සඳහා තරඟ කිරීමට ද්විත්ව පුරවැසි බව නුසුදුසුකමක් විය යුතු බවටත්, සුදුසුකම් ලත් සියලුම ජන්ද දායකයන් නිසි ලෙස ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවටත් අජිත් පී.පෙරේරා මහතා කාරක සභාවේදී යෝජනා කළේය.

මැතිවරණවලට තරඟ කරන පාර්ශ්වයන් අතර, රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ගුවන් කාලය සමාන ලෙස බෙදී යාමේ අවශ්‍යතාවද සමගි ජන බලවේගය මෙහිදී මතු කළේය.

රටතුළ මැතිවරණ කාල සටහනක් පැවැතිය යුතු බවත්, එමඟින් ජනතාවගේ ජන්ද අයිතිය තහවුරු කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

මෙම කාරක සභාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්.යූ.එම්.අලි සබ්‍රි යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, රංජිත් මද්දුම බණ්ඩාර,එම්.ඒ සුමන්තිරන්, රවුෆ් හකීම්,මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් ලබන 29 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

Post Views: 6
Previous Post

ජනපතිගේ කතාවයි රටේ ඇතුලේ වැඩයි පරස්පරයි – ජවිපේ විජිත කියයි

Next Post

මිත්‍යා මත වලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක්වන්න – ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු

editor

editor

Next Post

මිත්‍යා මත වලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක්වන්න - ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025

Recent News

නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved