• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතුයි – අගමැති

14 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමණාකරණය හරියට කෙරෙන්නේ නැහැ කියලා ජනතාවගෙන් දැඩි විරෝධයක් තියෙනවා. විශේෂයෙන් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල අපද්‍රව්‍ය වැඩියි. බස්නාහිර පළාතේකුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙගා පොලිස් සැලැස්මෙන් හදුනාගෙන තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණා. තවමත් කුණු කසල කළමණාකරණයට නිසි පියවර අරන් නැහැ. හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුණොත් මුළු කොළඹ දිස්ත්‍රික්කයේම යට වෙනවා. ගම්පහ යටවෙනවා. මේ වගේ දේ සම්බන්ධයෙන් මහජනයාගේ පැත්තෙන් සිතන්න. ‍ වසර කිහිපයක සිට තිබෙන සේවකයින් ස්ථීර කිරීමේ ගැටලුව ඉදිරි අයවැයෙන් විසඳන්න උත්සහ කරනවා. එහිදී පුමුඛත්වය දිය යුතු තැන් සම්බන්ධයෙන් තවමත් වාර්තාවක් නැහැ. කොළඹ දිස්ත්‍රික්කය තුළ වරිපනම් අයකිරිම් තවමත් නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඇතුළත් බස්නාහිර පළාත කියන්නේ ලංකාවේ පෝසත්ම පළාත. පොහොසත්ම පළාතේ වරිපනම් අයකිරීම් නිසිපරිදි සිදුවෙන්නේ නැත්නම් අමාත්‍යංශයක් විදියට දෝෂාරෝපණ චෝදනා එල්ල වෙනවා. ඈත ගම්වල ආදාහනාගාරයක් නැහැ. ඒ වගේ ව්‍යාපෘතියකට මහා භාණ්ඩාගාරයට මුදල් දෙන්න බෑ කියන්න බැහැ. සමහර නගර සභාවල දෙක තුන තියෙනවා. වැඩ කරන්නේ එකයි. ඈත පළාත් වලට ආදාහනාගාරයක් නැත්නම් මොකක්ද තත්වය. නාගරික ප්‍රදේශවල ආදාහනය කරන්න යන වියදම සහ ක්‍රමවේදය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. පළාත් සභාවටත් පළාත් පාලන ආයතනවලට සහ අනුබුද්ධ සහයෝගය දක්වන මූල්‍යමය ආයතනයන් එකතු කරගෙන අළුත් ප්‍රවේශයකට ගමන් කිරීම අවශ්‍යයි. පුනර්ජනනීය බලශක්තිය, අපද්‍රව්‍ය ක්ෂේත්‍රය ඒ වගේම තොරතුරු තාක්ෂණය වඩාත් උපයෝගී කරගෙන ඩිජිටල් තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය ගැන විශේෂයෙන් සාකච්ඡා කොට අවධානය යොමු කළ යුතු වෙනවා. මහ නගර සභා ආඥා පනත අරගෙන බැලුවොත් කොපමණ දේවල් කරන්න පුළුවන්ද? නමුත් කොයි තරම් දේවල් කරන්නෙ නැද්ද? මේ දේවල් තෝරා බේරාගන්න විශේෂ සම්මන්ත්‍රණයක් නිලධාරීන්ට පැවැත්විය යුතුයි. සභා වල ඉන්න බොහෝ දෙනෙක් මේ ආඥා පනත වත් කියවල නැහැ. අපේ පළාත් පාලන ආයතන බිහි වී තිබෙන්නේ අපේ ප්‍රදේශවල ජනතාවගේ පහසුකම් සහ සන්තෘෂ්ටිය ඇති කරන්නයි. බදු ගෙවන්න කියලා බල කරත් ඒ අය බදු ගෙවන්නේ යමක් බලාපොරොත්තුවෙන්. සේවාවන්, ආරක්ෂාව, දරුවන්ගේ දියුණුව, හොඳ පරිසරයක් ආදී දේවල් රාශියක් එයට අන්තර්ගතයි. පළාත් සභාවන් නොමැති අවස්ථාවක ආණ්ඩුකාරතුමාට බලතල ප්‍රමාණයක් ඒකරාශී වී තිබෙනවා. මේවා ක්‍රියාත්මක කර ගැනීමට මැදිහත් වී හෝ උපදෙස් දීමේ හැකියාව මෙම අමාත්‍යංශයට තිබෙනවා. පළාත් සභා නවයයි තියෙන්නේ. නිලධාරීන් හැටියට පළාත් සභා නවය සමඟ නිරන්තර සංවාදයක් සිදු විය යුතුමයි. අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් සේවය කරන්න. අපිට ආධාර ලැබෙනවා. ඒ ආධාර වල එක කොටසක් අඩුම ආධාර ලබන ජනතාවගේ ජීවන තත්වය ඉහලනැංවීම සඳහා යොමුකරන්න කියලා තමයි ආධාර දෙන්නේ. ඒ ගැන අපට වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. පළාත් සභා හා පළාත් පාලන ක්ෂේත්‍රයේ විවිධ නීති රීති වෙනස්කම් වලට භාජනය කළ යුතුයි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 9
Previous Post

අපේ පක්ෂය පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ – මන්ත්‍රී රංජිත්

Next Post

පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළි වූ රහසිගත සත්‍ය සඟවයි – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළි වූ රහසිගත සත්‍ය සඟවයි - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025

Recent News

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved