ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) දින නියම කළේය. ඒ අනුව අදාළ පෙත්සම 2026 සැප්තැම්බර් මස 25 වන දින සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, එහිදී සුරේෂ් සලෙයි මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙසත් ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලා තිබුණි.














