පසුගිය පෙබරවාරි 13 වනදා තලංගම පොලිස් වසමේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පිළිබඳව තොරතුරු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අනාවරණය කරගෙන තිබේ. මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විට මහජන සහාය අපේක්ෂා කරයි.
සැකකරුගේ උස අඩි 05 අඟල් 05ක් පමණ වන අතර ඔහු වයස අවුරුදු 44ක පමණ පසුවන පුද්ගලයෙකි. කළු පැහැති ශරීර වර්ණයකින් යුත් ඔහුගේ ඇස් කහ පැහැයට හුරු බොර පැහැයකින් යුක්ත බව වාර්තා වේ. විශේෂ ලක්ෂණයක් ලෙස ඔහුගේ දකුණු පස කම්මුලට පහළින් මුහුණේ පැහැදිලි කැපුම් තුවාල කැළලක් පවතී.
විමර්ශන කටයුතු සඳහා සැකකරුගේ වර්තමාන ස්වරූපය AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණය ඔස්සේ විවිධ ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර, එම ඡායාරූප මහජනතාවගේ හඳුනාගැනීම සඳහා මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම පහත සඳහන් නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
- නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත උතුර): 071-8598008
- කොට්ඨාස භාර නිලධාරී (නුගේගොඩ): 071-8591641
- අධ්‍යක්ෂ (බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය): 071-8592279














