• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහාය අත්‍යවශ්‍යයයි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

7 June 2024
in දේශීය, පුවත්
ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහාය අත්‍යවශ්‍යයයි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වන බවත් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ නොහැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මෙම වසරේ ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ නවයක් වාර්තා වී ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පවතින ජලගැලීම් තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වැඩි විය හැකි බැවින් රෝග ව්‍යාප්තිය කළමනාකරණය ඉතා වැදගත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ” ඩෙංගු රෝගය කියන්නේ වයස හෝ කිසිදු තරාතිරමක් නොබලා වැළ‍ඳෙන රෝගයක්. ඒ වගේම මේ රෝගයෙන් බොහෝ දෙනෙක් සුවපත් වෙනවා වගේම ජීවිතය අහිමි වීමේ අවදානම ඇති රෝගයක්. අප නිරන්ත‍රයෙන් ඩෙංගු මර්දනයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ මේ අවදානම නිසයි. මෝසම් වැසි ලැබීමත් සමඟ සෑම වසරකදීම මේ කාලය වන විට අපට ඩෙංගු රෝගය පිළිබඳ වැඩිපුර කතා කිරීමට සිදු වෙනවා. ඒ අනුව 2023 වසර අවසානයේ ඇති වූ වසංගත තත්ත්වයත් සමඟ 2024 වර්ෂයේ ජනවාරි මාසයේදී රෝගීන් 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුවත්, ක්‍රම ක්‍රමයෙන් එම සංඛ්‍යාව අඩුවී අප්‍රේල් මාසය වන විට වාර්තා වූයේ රෝගීන් 2234ක් පමණයි. නමුත් මැයි මාසයේදී රෝගීන් 2647ක් වාර්තා වෙනවා. පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසු ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවනතාවක් ඇති විය හැකියි. එසේ වුවහොත් ඉදිරියේදීත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තව දුරටත් වැඩි විය හැකියි. ඩෙංගු රෝගය යනු හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොවෙයි. එය ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වනවා. එබැවින් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු මර්දනය කළ නොහැකියි. ඩෙංගු රෝගය වළක්වා ගත හැකි වන්නේ රටක් ලෙස රජයේ සියලු අංශ, පෞද්ගලික අංශය සහ සියලු ජනතාව ගේ සාමූශික ප්‍රවේශකින් පමණයි. යැයි ඒ මහතා කියා සිටියේය. 

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, ජාතික බෝවන රෝග ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ” මේ කාලය තුළ අධික උණ,ඇඟපත වේදනාව, වමනය, අධික හිසරදය, පාචන තත්ත්වය වැනි ලක්ෂණ තිබෙනවා නම් එය ඩෙංගු රෝගය ලෙස හිතන එක වඩාත් වැදගත් වෙනවා. මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් මුලින්ම ශාරීරකව විවේක ගැනීම අත්‍යවශ්‍යයයි. මීට පෙර වෛද්‍යවරිය පැවසූවාක් මෙන් පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක හෝ වෙනත් ඖෂධ නොගත යුතුයි. වෙනත් ඖෂධ ලබා ගැනීමෙන් බරපතල සංකූලතා ඇති විය හැකියි. රෝග ලක්ෂණ දින දෙකකට වඩා පවතිනවා නම් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) සිදු කර රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. එවිට අවශ්‍යතාව අනුව රෝහල් ගත කිරීම සිදු කෙරෙනවා. ඒ අතරතුර ජලය වගේම කැඳ, ජීවනී, තැඹිලි, දෙහි වැනි ලවණ සහිත දියර වර්ග පානය කිරීමට වග බලා ගත යුතුයි. රතු පැහැති හෝ කෘත්‍රිම රසායනික අඩංගු දියර වර්ග නොගෙන සිටීමත් වැදගත් වෙනවා. ‍වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් ඩෙංගු රෝගය කළමනාකරණය කර තත්ත්වය බරපතල නොවන තත්ත්වයට පත් කර ගන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන් උණ අඩු වීමෙන් ඩෙංගු රෝග තත්ත්වය සුව වූ බව අදහස් වන්නේ නැහැ. ඉතා කුඩා දරුවන්, දියවැඩියා රෝගීන්, ගැබිණි මව්වරුන්, වයස්ගත මෙන්ම තරබාරු රෝගීන්ට සංකූලතා ඇති වීම වැඩියි. ඔවුන් කල් ඇතුව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා යැයි ඒ මහතා කියා සිටියේය. 

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය ” 2024 වර්ෂයේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 25417ක් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් කොළඹ, ගම්පහ, කලුතර ,රත්නපුර, මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කෙරෙනවා. ඩෙංගු රෝගය වළක්වා ගත හැකි මූලිකම ක්‍රමය වන්නේ මදුරුවා බෝවීම වැළැක්වීමයි. ඒ සඳහා ජනතාවගේ වගකීම වන්නේ නිවසේ, පාසලේ හෝ සේවය කරන ස්ථානයේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමයි. ඒ වගේම උණ රෝගය වැළඳුනහොත් දින දෙකක් ගත වන විටම ළඟම ඇති රෝහලට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැසී නිසි උපදෙස් ලබා ගත යුතුයි. රෝගය විනිශ්චය කිරීම වෛද්‍යවරයාට බාර දෙන්න. මෙහිදී විශේෂයෙන් දැනුම් දිය යුතුව තිබෙන්නේ උණ පාලනය සඳහා ‘පැරසිටමෝල්’ කියන ඖෂධය පමණක් ලබා ගන්නා ලෙසයි යැයි ඒ මහත්මිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ උපදේශක ප්‍රජා වෛද්‍ය/ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා ” බස්නාහිර පළාතේ ඩෙංගු පාලනය ඉතා වැදගත් වනවා. මේ වන විට පවතින වර්ෂාපතනයත් සමඟ ඒ සඳහා වැඩිපුර ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. මදුරුවාගේ ජීවන චක්‍රය අනුව කීට තත්ත්වයේ සිට මදුරුවකු ඇති වීමට දින 07ක් ගත වන බැවින් සෑම සතියකට වරක්ම අවට පරිසරය පිරිසිදු කිරීමෙන් පහසුවෙන්ම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කළ හැකියි. විශේෂයෙන් සහන කඳවුරු අවට ප්‍රදේශ සම්පූර්ණයෙන් මදුරුවන්ගෙන් තොර කලාප බවට පත් කළ යුතුයි. ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් ඩෙංගු ඇතුලු අනෙකුත් බෝවන රෝග පාලනයට අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස් නොමිලේ ලබා දෙනවා. වෙනත් වසරවලට සාපේක්ෂව බස්නාහිර පළාතේ රෝගීන් වාර්තා වීමේ අඩුවක් තිබෙනවා. එම තත්ත්වය තව දුරටත් අඩු කර ගැනීමට ජනතා සහාය අපේක්ෂා කරනවා. බස්නාහිර පළාතේ ස්ථාපනය කර තිබෙන ඩෙංගු මර්දන කමිටුව විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන මදුරු කීටයන් හඳුනා ගෙන ඒ හරහාම කීට නාශක ඉසීම ද මේ වන විට ක්‍රියාත්මක වෙනවා යි ඒ මහතා කියා සිටියේය. .

කීට විද්‍යාඥ සකුන්තලා ජානකී , ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය එන්. අරිෆ්, වෛද්‍ය සුනිත් කුමාරප්පෙරුම, ආර්. කේ. එස්. ඊ රණවීර යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 19,671
Previous Post

වී වගාවේ පැරෂුට් තැටි සහනාධාරය සඳහා මුදල රුපියල් මිලියන 320ක් වෙන් කෙරේ – ඇමැති අමරවීර

Next Post

උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

editor ttvnews

editor ttvnews

Next Post
උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved