ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය විසින් ‘Puch AI’ නැමැති කෘත්‍රිම බුද්ධි (AI) ආරම්භක සමාගම සමඟ අත්සන් කර තිබූ රුපියල් කෝටි 25,000ක අවබෝධතා ගිවිසුම (MoU) හදිසියේම අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය මාර්තු 23 වැනිදා අත්සන් කරන ලද මෙම දැවැන්ත ගිවිසුම පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විවේචන හමුවේ යෝගී ආදිත්‍යනාත් (Yogi Adityanath) ප්‍රමුඛ රජය මෙම තීරණයට එළඹ ඇත.
ප්‍රමිතිගත නීති රීති (SOP) අනුව සිදු කළ විමර්ශනයකදී, අදාළ ව්‍යාපෘතියේ පරිමාණයට සරිලන මූල්‍ය ශක්තියක් (Net worth) හෝ විශ්වාසදායක මූල්‍ය සබඳතා පවතින බව සනාථ කිරීමට Puch AI සමාගම අපොහොසත් වී තිබේ. නියමිත කාලය තුළ අවශ්‍ය ලේඛන ඉදිරිපත් නොකිරීම සහ සමාගමේ පසුබිම පිළිබඳව සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වූ කරුණු මත මෙම ගිවිසුම ඉදිරියට ගෙන නොයාමට රජය තීරණය කර ඇත.
මෙම සිදුවීමත් සමඟ මහා පරිමාණ ආයෝජන ගිවිසුම්වලට එළඹීමේදී ආයෝජකයන්ගේ මූල්‍ය පසුබිම වඩාත් දැඩි ලෙස පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ඉන්දියාවේ වැඩි අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ නව සමාගම් සමඟ මෙවැනි දැවැන්ත ගනුදෙනුවලට එළඹීමේදී රජයන් වඩාත් ප්‍රවේශම් විය යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














