පුදුකුඩිඉරිප්පු, උඩයාකට්ටු වැව ආසන්නයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 100ක් (බෝතල් 135ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (02) උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු උඩයාකට්ටුව ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි තරුණයෙකු බව අනාවරණය වී තිබේ. ඔහු මෙම මත්පැන් තොගය ජාවාරම් කිරීමේ අරමුණින් සන්තකයේ තබාගෙන සිට ඇති බවට සැක කෙරේ. අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සහ සැකකරු මුල්ලේතිවු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුදුකුඩිඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.















