පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාකට්ටු වැව අසලදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඊයේ (01) පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 100ක් (බෝතල් 135ක්) පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු උඩයාකට්ටුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.















