පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත කල්පිටිය පොලිස් වසමේ පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එහි සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 452ක් අඩංගු පාර්සල් 13ක් සොයා ගැනීමට සමත්ව තිබේ. ඊයේ (08) දින සිදු කළ මෙම මෙහෙයුමෙන් පසු අදාළ බීඩි කොළ තොගය වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම බීඩි කොළ තොගය සඟවා තැබූ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් සොයා පුත්තලම විශේෂ කාර්ය බලකාය සහ කල්පිටිය පොලිසිය එක්ව ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ රැගෙන එන්නට ඇති බවට සැක කෙරෙන මෙම බීඩි කොළ තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.














