පුදුකුඩුඉරිප්පු පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී ඊයේ (07) රාත්‍රියේ සිදු කළ විශේෂ වැටලීමකදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.
ලැබුණු රහස් තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 205ක් සහ හෙරොයින් ග්‍රෑම් 170ක් සොයාගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාලයට ආධාර අනුබල දීම සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මොවුන් වැඩිදුර විමර්ශන සඳහා පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 32 යන වයස්වල පසුවන විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. පුදුකුඩුඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














