QR ක්‍රමවේදය භාවිත කරමින් ගෙවීම් කටයුතු ප්‍රචලිත කිරීමට රජය සහ මූල්‍ය ආයතන ගෙන ඇති පියවර රටක් වශයෙන් ඉදිරියට යාම සඳහා තැබූ ඉතා යහපත් අඩිතාලමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා අද (අප්‍රේල් 07) ප්‍රකාශ කළේය. ඩිජිටල් මූල්‍ය ගනුදෙනු දිරිගැන්වීම හරහා ආර්ථික ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව සිදු කිරීමට අවස්ථාව ලැබෙන බව ඔහු පෙන්වා දෙයි.
මුදල් නෝට්ටු භාවිතය අවම කරමින් මෙවැනි නවීන තාක්ෂණික ක්‍රමවේද ජනප්‍රිය කිරීම මඟින් ගනුදෙනුකරුවන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද විශාල පහසුවක් සැලසෙන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ලෝකයේ දියුණු රටවල් මේ වන විටත් මෙවැනි ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදවලට අනුගත වී ඇති පසුබිමක, ශ්‍රී ලංකාව ද එම මාවතට පිවිසීම කාලෝචිත පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.













