ඉදිරි පාලනයක් යටතේ කේරළ ප්‍රාන්තයට කාන්තා මහ ඇමතිවරියක පත් කරගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි (Rahul Gandhi) අද (30) ප්‍රකාශ කළේය. පුතුප්පල්ලි (Puthuppally) හි පැවැති දැවැන්ත ජන රැළියක් අමතමින් ඔහු කියා සිටියේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කොංග්‍රස් පක්ෂය උපරිම සහය ලබා දෙන බවයි.
මෙහිදී කාන්තාවන් වෙනුවෙන් විශේෂ සහන රැසක් ද ඔහු ප්‍රකාශයට පත් කළේය. ඒ අතර KSRTC බස් රථවල කාන්තාවන්ට නොමිලේ ගමන් පහසුකම් සැලසීම සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් සඳහා රුපියල් 1,000ක මාසික දීමනාවක් ලබා දීම ප්‍රධාන වේ. රැළියට සහභාගී වූ අපේක්ෂකයන් සමඟ පාපැදියකින් ගමන් කරමින් ජනතාව දිරිමත් කළ රාහුල් ගාන්ධි, කේරළයේ සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව වැඩිදුරටත් පැවසීය.














