භූ දේශපාලනය සහ භූ ආර්ථිකය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම සමුළුව වන “රයිසිනා සංවාදය” (Raisina Dialogue) 11 වන වරටත් ඊයේ (05) නවදිල්ලි නුවරදී ආරම්භ විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම සමුළුව හෙට (07) දක්වා පැවැත්වේ.
සමාරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ෆින්ලන්ත ජනාධිපති ආචාර්ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙයට එක්ව සිටී. මෙවර සමුළුව “සම්ස්කාරා – අවධාරණය, සහයෝගය, ප්‍රගතිය” යන තේමාව යටතේ පැවැත්වෙන අතර දේශසීමා ගැටලු, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක, දේශගුණික විපර්යාස සහ අනාගත තාක්ෂණය වැනි තේමාත්මක කරුණු 6ක් යටතේ ලෝක විද්වතුන් සාකච්ඡා පවත්වනු ලබයි.
රටවල් 110ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන්, යුද හමුදාපතිවරුන් සහ විද්වතුන් ඇතුළු 2700ක පමණ පිරිසක් සහභාගී වන මෙම සමුළුව ලෝකයේ ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක සාකච්ඡා මණ්ඩපයක් ලෙස සැලකේ.














