ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසවේ අද (04) පෙරවරුවෙ පැවැති මාධ්‍ය හමුවේදිය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය ” රට ඇතුලේම ජනතාව එක මතයකට ගොනු වෙලා තියෙන වෙලාවක, ගෝඨා ගෝ හෝම් කියලා කියන්නේ රාජපක්ෂ රෙජීමයම ගෙදර යා යුතු නිසා. මේ රටේ සමපත් හූරා කාපු, මේ රට මේ තත්වයට ඇදලා දාපු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු නඩයම ගෙදර යා යුතු නිසා තමයි ගෝඨ ගෝ හෝම් කියලා කියන්නේ. ඒකට විසදුමක් විදියට, නූල් සූත්තර දාලා, වෙන පාරකින් රාජපක්ෂලා රකින්න, රාජපක්ෂලාගේ ජීවිත ආරක්ෂා කරන්න, රාජපක්ෂලාගේ දේපල ආරක්ෂා කරන්න දැන් විමල් වීරවංශලා පෙරට ඇවිත් තියෙනවා. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කරනවා. මේ වන විට ඉල්ලා අස්විමේ ලිපි භාරදී තිබෙන ක්‍රමයත් නීත්‍යානුකූල නෑ. ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව ඉල්ලා අස්වීම් ලබාදී නැහැ.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න. රට පාලනය කරන්න පුලු වන් වෘත්තිකයෙක් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා බවට පත් කරන්න. එහෙම නැතිනම් කවුරුහරි ජාතික ලයිස්තුවෙන් හරි අරගෙන ඇවිත් ජනාධිපතිවරයා බවට පත් කරන්න. කැබිනට් මණ්ඩලටයත් වෘත්තිකයින් පිරිසක් පත් කරන්න. දේශපාලන දැනුම ඇති අය එකතු කරගෙන කෙටි කාලීනව මෙම වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න. ඉන් පසුව ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් එකම දවසක තියලා, ජනතා මුදල් ඉතිරි කරලා ජනතාවට කැමැති තීන්දුවක් ගන්න ඉඩ හරිමු. එහෙම නැතිව රටේ මිනිස්සු මැරෙනතුරු, සිය දිවි නසාගන්නකම්, මිනිස්සු මේ රට පාරට බැහැලා සිරියාවක්, ලිබියාවක් වෙන්න ඉඩ නොදී, හමුදාවේ උණ්ඩවලින් අපේ මිනිසුන්ට මැරෙන්න නොදී, වහාම මේ සදහා තීන්දුවක් ගැනීමට සියලු දෙනාම එකට එකතුවිය යුතුයි
සමහර චීවරධාරීන් මිරිහානට ගිහින් මේ මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් කියලා කියනවා. නැවත වරක් මේ රට පටු තැනකට ඇදලා දාන්න එපා. ගංගාවලින් නයි මතුවන කතා උඩට අරගෙන එන්න එපා. සිවුරට මුවා වෙලා රාජපක්ෂලා රකින්න හදන්න එපා. සිවුරට මුවා වෙලා මේ ඇවිත් ඉන්නේ රාජපක්ෂලා රකින කණ්ඩායම බව අමතක කරන්න එපා.
ලී කුවාන්, මහතීර් මොහොමඩ් වගේ අය ගේනවා කියලා විමල් වීවරංශලා මේ ආණ්ඩුව හදලා, ජනතා විරෝධය එන වෙලාවේ පැසැල්තර විසදුම් ගේන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවම ඉල්ලා අස්වෙනවා මිස පැලැස්තර විසදුම් දාලා හරියන්නේ නෑ.
දැන් ආණ්ඩුව එක පැත්තකින් පැලැස්තර විසදුම් දාන ගමන්, මේ අය හමුදා ඛණ්ඩ කොළඹට කැදවලා තියෙනවා. 53 වැනි සේනාංකය කොළඹට ගේන්නේ ඇයි? යුද ටැංකි කොළඹට අරගෙන ඒන්නේ ඇයි? නොපෙනෙන තැන්වල හමුදා ඛන්ඩ ස්ථාන ගත කරන්නේ මේ රට ලේ විලක් කරන්නද? මේ රට ලේ විලක් කරන්නද අවශ්‍ය වෙලා තියෙන්නේ? මේ ඉන්නේ අන්තවාදීන්ද? මේ ඉන්නේ ත්‍රස්තවාදීන්ද? මේ මිනිසුන්ගේ ජීවිත බිල්ලට දීලා තමන්ගේ බලය රැුකගන්න උත්සාහ ගන්න එපා.
මිනිසුන්ගෙන් ගත්ත සල්ලි දීලා, මේ රටෙන් හොරගත්ත සල්ලි ටික ආපසු දීලා වහාම යන්න පුලුවන් තැනකට යන්න. මේ රට මිනිසුන්ගේ රට. මිනිස්සුන්ට පැනලා යන්න තැනක් නෑ. ඔය අයට පැනලා යන්න පුලුවන්. ඒත් මේ රටේ මිනිස්සුන්ට පැනලා යන්න තැනක් නෑ. හමුදාව හරහා බිය වද්දලා, ජනතා විරෝධය යටපත් කරන්න එපා. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.