මිනිස්සුන්ට සාපයක් කළ රාජපක්ෂවරු මේ බිමෙන් අතුගා දමන්නට ඕනැ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
අද (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු කියා සිටියේ රාජපක්ෂලා ගෙදර යවා පාට පක්ෂ භේදයෙන් තොරව පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැපවන සියලු පාර්ශවයන් සමග එක්ව ආණ්ඩු බලය ලබාගත යුතු බවයි.
එසේම පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් ආණ්ඩුකරණය භාරගැනීමේදි තමන්ගේ අරමුණු වෙනුවෙන් හෝ පටු දේශපාලනය වෙනුවෙන් හෝ කටයුතු නොකළ යුතු බව හෙතෙම පැවසිය.
රාජපක්ෂ ආණ්ඩුව හමුවන පළමු නිමේෂයේදී ගෙදර යවලා, ප්‍රතිපත්ති වෙනුවෙන් එකට එකතුවෙන, සියලු දෙනාම පිළිගන්නා, වෙනස් කළ නොහැකි ප්‍රතිපත්ති රාමුවක් වෙනුවෙන් සියලු දෙනාම එකට එකතුකරගෙන ගමනක් යන්න අවශ්‍ය බව මන්ත්‍රිවරයා කියා සිටියේය.
එතැනදී විධායක ජනාධිපතිධූරය පැත්තකට දාලා, විසි වැනි සංශෝධනය පැත්තකට දාලා තවත් අවුරුදු ගණනාවටක මේ රට ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කරන පොදු දැක්මක් ඇති කණ්ඩායමක් එකතු විය යුතු බව ඔහු අනාවරණ කලේය.