• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව විරද්ධ වු මහින්ද, ගෝඨාව ආරක්ෂා කරන්නේ රනිල් – අනුර දිසානායක

24 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහින්දට, ගෝඨාභය ඇතුළු ආණ්ඩුවට විරුද්ධව සිටියේ ජනතාව බවත් අද රනිල් ජනතාවට විරුද්ධව ඔවුන්ව ආරක්ෂා කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ජාතික ජන බලවේගය මහරගම ආසන සභාව පිහිටුවිමේ රැස්වීම අමතමිනි.

එහිදී අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “හිටපු ජනාධිපති පැනලා ගිහින් නැවත ආවා. මහින්දට හැංගිලා යන්න සිදුවුණා. ආණ්ඩුවෙන් ගෙයක්, වාහනයක් දුන්නා, ආරක්ෂාව දුන්නා, ලයිට් බිල, වතුර බිල, ආණ්ඩුවෙන් ගෙවනවා. ගෝඨාභයව, මහින්දව බේරා ගන්න රනිල් වික්‍රමසිංහව තෝරා ගත්තා. මහින්දට, ගෝඨාභය ඇතුළු ආණ්ඩුවට විරුද්ධව සිටියේ ජනතාව. අද රනිල් ජනතාවට විරුද්ධව ඔවුන්ව ආරක්ෂා කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ කඳවුර ජනතාව හමුවේ පත්වෙන ඕනෑම අසීරු වෙලාවකදී මේ ප්‍රතිගාමී කණ්ඩායම් ජනතාවට විරුද්ධව එකට එකතු වෙනවා. මේ සෑම කඳවුරටකටම වඩා බලයේ උඩින් ඉන්නේ ජනතාවයි. මේ ජනතා බලය ඉතා නිවැරදි ලෙස සංවිධානය කළ යුතුයි. අපි එය ආරම්භ කර තිබෙනවා.

අප්‍රේල් මාසෙ 12 වැනිදා මහ බැංකු අධිපති “අපි අරගෙන තිබෙන ණය ගෙවන්නේ නෑ” කියන තීන්දුවක් ගත්තා. මේ ප්‍රකාශය ඉතාමත් බරපතළයි. එවැනි තීන්දුවක් ගන්න එතුමාට බලයක් නැහැ කියන එකයි අපේ අදහස. එංගලන්තය,චීනය, ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, බංග්ලාදේශය වැනි බෝහෝ රටවලින් වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ණය අරගන තිබෙනවා. නන්දලාල් මහතා ගත්ත තීන්දුව අනිවාර්යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමත් එක්ක ගැටගැසී තිබෙනවා. අපට සාධාරණ සැකයක් තිබෙනවා ඒ සඳහාම මෙම තීන්දුව ගත්තාද කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනවා ණය ප්‍රතිව්‍යුගත කිරීමකට යන්න කියලා. ණය කපා හරින්න නම් චීනය හා ඉන්දියාව සමග එකඟතාවයකට එන්න ඕනෙ. චීනය ප්‍රකාශ කරනවා ණය කපා හැරීමකට යනවා නම් ඊට පෙර චීනය හා ලංකාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය බව. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපේ වෙළඳපොළ චීන භාණ්ඩවලින් පිරෙනවා. අපේ නිෂ්පාදන කඩා වැටෙනවා. නිෂ්පාදකයා විනාශයට පත්වෙනවා. ඉන්දියාව සමග ඇතිකරගෙන තිබූ එට්කා ගිවිසුමත් ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා. මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන දෙවෙනි කොන්දේසිය වන්නේ ආදායම් වැඩිකර වියදම් අඩුකර පෙන්විය යුතුවීම. මේ සඳහා ආණ්ඩුව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නගනවා. ඒ නිසා සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. සමාජ ආරක්ෂණ බද්දක් පිරිවැටුමට ගහනවා. නැවතත් උපයන විට ගෙවීමේ බද්දක් ගැහුවා. මේ නිසා විශාල බදු ඉහළ යාමක් සිදුවෙනවා.

අපි 1968 තෙල් පිරිපහදුව ආරම්භ කළා. රටට අවශ්‍ය තෙල්ටික පිරිපහදු කළ හැකි වුණා. අද වන විට වසර 54ක් වෙනවා. එදා පිරිපහදු කළ තෙල් ප්‍රමාණයම තමයි අදත් පිරිපහදු කරන්නේ. එදා රටටම ප්‍රමාණවත් වුණා. අද අවශ්‍ය තෙල්වලින් 1/3ක් පමණයි පිරිපහදු කරන්නේ. මේ තෙල් අර්බුදයෙන් බේරා ගන්න තිබුණේ අලුත් පිරිපහදුවක් ආරම්භ කරන එක. මේ පිරිපහදුව නවීකරණය කළා නම් අද අද මේ තෙල් අර්බුදයට විසඳුමක් වෙනවා. ණය ගත්තා. ණය ගැනීම අපරාධයක් නොවෙයි. ණයවලින් අවශ්‍ය ව්‍යාපෘතිවත් ණයවලට සරිලන ව්‍යාපෘතිවත් ක්‍රියාත්මක කළෙත් නැහැ.
අපි යෝජනාවක් ගෙනාවා ජනාධිපති ධුරය හිස් වූවාට පසුව පාර්ලිමේන්තුවෙන් තොරා ගන්නා අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මාස හයක් ඉක්මයාමට මත්තෙන් ජනාධිපති ඡන්දයක් පවත්වා අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගත යුතුයි යන්න. ඒ වගේම අපේ රටේ දේශපාලන සංස්කෘතියක් තියෙනවා එහෙට මෙහෙට පනින එක. ඒ නිසා අපි යෝජනාවක් ගෙනාවා පක්ෂය මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි කරන බවට. ඒ වගේම උපරිම ඇමති ධුර 25ක් හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 25ක් විය යුතු බවට යෝජනා කළා. රාජ්‍ය අමාත්‍ය ධුර අවශ්‍ය නැහැ.

රට හැදීමට අවශ්‍ය පදනම් කිහිපයක් තිබෙනවා. අපේ රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තිබෙනවා. මේ ව්‍යවස්ථාව රටේ සංවර්ධනයට හෝ නීතියේ ආධිපත්‍යයට හෝ යහපත් ප්‍රතිසංස්කරණ, ජනතාවාදී ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා නව පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව අපි යෝජනා කළා. අපි විධායක ජනාධිපති ධුරය අහෝසි වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා.

රට ගොඩනැගීම සඳහා වංචාව, දූෂණය, නාස්තිය නතර කරන පාලනයක් අවශ්‍යයි. ඒ වගේම වංචා, දූෂණ කළ අයට දඬුවම් පමුණුවන ආණ්ඩුවක් අවශ්‍යයි. එය ඉටුකරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි අනෙකුත් දේශපාලන පක්ෂවලට අභියෝග කරනවා. හොරකම, වංචාව නතර කරන බවට පොරොන්දුවක් දෙන්න කියා. සජිත් කිරිඇල්ල, රාජිත, හැරිසන්, විජිතමුණි පිටුපස පෙළේ තබාගෙන දූෂණය, වංචාව නතර කරන බවට ප්‍රකාශ කළා. සංස්කෘතික අරමුදලේ විගණන රිපෝට් එකේ තියෙනවා සිදුවුණේ මොකක්ද කියලා. එය කිව හැක්කේ සහ ඉටු කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. සජිත් නිවාස අමාත්‍යාංශයේ වසර හතර හමාරක් රට පාලනය කළා. නිවාස අමාත්‍යාංශය වංචා දූෂණවලින් පිරිලා තිබුණා.

තුන්වෙනුව මේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කරන්න ඕනෑ. විගණකාධිපතිවරයා ප්‍රකාශ කළා රාජ්‍ය ආයතන 2200ක් විගණනය කරන බව. මෙය රජයකට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ආයතනවලින් රටට සිදුවූ විශේෂ යහපතක් නැහැ. රටක් හදන්න නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතුයි. තරුණ තරුණියන් අපේක්ෂාභංගත්වය දුරු කරන්න ඕනෙ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තමයි අපේ රටේ ආර්ථික එන්ජින් එක. ලෝකය පිළිගැනීමට පාත්‍ර වුණු රජයක් අපි ගොඩනගනවා. සිව්වන පියවර ලෙස සමූද්‍ර ආරක්ෂාව පිළිබඳවත් අපි විශේෂ අවධානය යොමු කරනවා. ලෝකය ඉදිරියේ පිළිගැනීමට පාත්‍ර වුණු රටක් හදන්න ඕනෑ. අපේ රට පිළිබඳ ලෝකය ඉදිරියේ විශ්වාසය ගොඩනැගෙන පරිසරයක්, දීප්තිමත් රටක් ලෙසට අපේ රටේ ප්‍රතිරූපය ගොඩනගනවා. නීතියේ විධානය තහවුරු වන රටක් හදන්න ඕනෑ.යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කරන්න කෝප් කමිටුවෙන් නියෝගයක්

Next Post

රනිල් අපිට ඇමැතිකම් ගන්න කියනවා – විමල් විරවංශ

editor

editor

Next Post

රනිල් අපිට ඇමැතිකම් ගන්න කියනවා - විමල් විරවංශ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved