ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සහභාගී විය. මෙරට වාමාංශික දේශපාලනයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ ද සුවිශේෂී සලකුණක් තැබූ ඒ මහතා, වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් ජනතා සේවයේ නිරත වූ ප්‍රමුඛ පෙළේ චරිතයකි. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි මහාචාර්යවරයා, පසුගිය 13 වැනිදා නාවල පාරේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වන විට 92 වැනි වියේ පසුවිය.
මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට, එනම් පෙබරවාරි 16 වැනිදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත. විද්‍යාඥයෙකු සහ දේශපාලනඥයෙකු ලෙස එතුමා කළ සේවය අගයමින් විවිධ දේශපාලන පක්ෂ නායකයින්, විද්වතුන් සහ ගෞරවණීය පිරිස් මේ වන විටත් දේහයට අවසන් ගෞරව දක්වමින් සිටිති.














