• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් ඡන්දය කඩාකප්පල් කලා – අනුර දිසානායක

27 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාර්තු මාසේ 09වැනිදා පැවැත්විය යුතු ඡන්දය පැවැත්වූයේ නැත්තේ ව්‍යවස්ථානුකූලව නොව එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දය කඩාකප්පල් කළ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පානදුර ඊයේ (26) පැවැති රැළිය අමතමිනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ඡන්දයට සල්ලි නොදෙන ලෙසත්, මුද්‍රණාලයාධිපතිනියට සල්ලි ලබා දෙන තුරු ඡන්ද පත්‍රිකා අච්චු නොගසන ලෙසත් නියෝග කර මේ කඩාකප්පල් කිරීම කළා. මැතිවරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකණයට ගිය අවස්ථාවේ ලබාදුන් තීන්දුව අනුව පාර්ලිමේන්තුවෙන් වෙන්කර තිබෙන මුදල් ඡන්දය වෙනුවෙන් ලබාදෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝග කළා. ඒ තීන්දුවට අනුව සල්ලි දෙන්නෙත් නැහැ. මේ නිසා අප්‍රේල් 25වැනිදා ඡන්දය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ඡන්දවලදී අපි ගම්වලට ඇවිත් වංචා-දූෂණ ගැන, රටේ නීතියේ ආධිපත්‍යය කඩා වැටෙන බව, රට විශාල අනතුරක තිබෙන බව පැහැදිලි කළා. නමුත් අපිට ඡන්ද 3%ක් ලැබෙන විට ඒ ගොල්ලන්ට ලක්‍ෂ 69ක් ලැබුණා. අපි කියපු දේ පිළිනොගත් ජනතාව ඔවුන්ගේ බොරු ප්‍රචාරවලින් ඔවුන්ගේම දූෂිත බවට විනාශකාරී අපරාධවලට සුජාතභාවයක් ලබා ගැනීමට යොදා ගත්තා. ජනතාව අනුමත කොට ඇති බව කිවුවා. මේ වර ඡන්දය කඩාකප්පල් කරන්නේ ඔවුන්ට ඡන්ද අහිමි වී මාලිමාව ජයග්‍රහණය කිරීමට ජනතාව පෙළගැසෙමින් සිටින නිසයි. ඔවුන්ට ඡන්ද වැදගත් වෙන්නේ ඔවුන්ට ජයග්‍රහණය කළ හැකිනම් පමණයි. එසේ නොමැති නම් ඡන්ද වැඩක් නැති බව ඔවුන් පෙන්වමින් සිටිනවා. ව්‍යවස්ථාව ඔවුන්ට වැඩක් නැති බවත් පෙන්වමින් සිටිනවා. උත්තරීතර ව්‍යවස්ථාව කඩන බවට අපට චෝදනා කරන ඔවුන් තමන්ගේ බලය ව්‍යවස්ථාව ඇතුළේ රැකගත නොහැකි තත්වයක් තුළ එය හුදු කඩදාසියක් බවට පත්කරගෙන තිබෙනවා. නිසි පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන පැත්තකට දමා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ උත්තරීතරභාවය ගැනත් ඔවුන් කියන කතා, ඡන්දයට මුදල් ලබා නොදීමෙන් විතරක් නෙවෙයි, මැතිවරණයට මුදල් දෙන ලෙස තීන්දු කළ විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට සූදානම් වීමෙන් අවසන් වී තිබෙනවා. තමන්ගේ බලයට පටහැණිව කටයුතු කරන අධිකරණය හුදු ගොඩනැගිල්ලක් බවට පත්කරමින් සිටිනවා. ඡන්ද, ව්‍යවස්ථා, අධිකරණය ඔවුන්ගේ බලයට තර්ජනයක් ලෙස අද සලකමින් තිබෙනවා. අපේ රටේ ඉතිහාසයේ ඡන්ද විශාල ප්‍රමාණයක් පවත්වා තිබෙනවා. නමුත් අද ඔවුන් අතේ දීර්ඝ කාලයක් තිබුණු බලය පොදු ජනතාවට මාරු වීමේ අවස්ථාව උදා වී තිබෙන නිසා හැම පැත්තෙන්ම වෙට්ටු දානවා. දීර්ඝ කාලයක් රට පාලනය කළ පවුල් විසින් අපේ රට විකිණීමේ සහ ණය ගැනීමේ උගුලේ හසුකර අවසන්. අයි.එම්.එෆ්. එකෙන් ඩොලර් බිලියන 2.9ක් අරගෙන උද්දාමයට පත්වෙන රනිල් 2015-19 කාලයේ ඩොලර් බිලියන 12.5ක ණය ගත්තා. ඒ වගේම හම්බන්තොට වරාය විකුණලා තවත් ඩොලර් බිලියනයක් ගත්තා. විකිණීමේ සහ ණය ගැනීමේ මාවතෙන් අපේ රට ගොඩයනවා නම් දැන් මේ වන විට ගොඩගිහින් තිබෙන්න ඕනෑ. ලෝකය ඉදිරියේ අද අපේ රට කළු රටක් කර අවසන්. මේ රට ලෝකයේ ඇගයීමට, ගෞරවයට පාත්‍ර වන තත්වයට ගොඩනගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න ඕනෑ. නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන රටක් ගොඩනගන්න ඕනෑ. පොලීසියෙන් නීතිය සාධාරණව ඉෂ්ට කරයි කියන පිළිගැනීමත් ලැබෙන්න ඕනෑ. අධිකරණයේදීත් එහෙමයි. නමුත් අද නීතියේ සාධාරණය ඉෂ්ට වෙන බවට කිසිදු විශ්වාසයක් බහුතර ජනතාවට නැහැ. ඒ නිසා සමාජ දේහයම කඩා වැටෙනවා. නමුත් ශිෂ්ට සමාජයක් ගොඩනැගීමේ නීතියේ විධානය, ආධිපත්‍යය පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසයක් ගොඩනැගුණොත් පමණයි. ජනතාව පොලීසිය සහ අධිකරණය විශ්වාස කරන්නේ නැත්නම් අශිෂ්ට ක්‍රමයට තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න යනවා. අද රටේ අපරාධ වැඩිවී තිබෙන්නේ ඒ නිසයි. නමුත් ලෝකයේ දියුණු රටවල්වල නීතියේ විධානය, ආධිපත්‍යය තහවුරු කරන්න ඕනෑ. අපේ රටේ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඉලක්ක කරගත් පාලනයක් අපි ගොඩනගනවා. රට සංවර්ධනය කිරීමේදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් පැවතීම අත්‍යාවශ්‍යයි. අපේ තරුණ පරම්පරාවට නව අවස්ථා සලසා දෙමින් ලෝකය ජයගත හැකි රටක් ගොඩනැගීමේත්, අද දුප්පත්කමේ ගිලටීනයට හෙළා තිබෙන රට ගොඩනැගීමේත් වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නවා. 2019දී ඩොලර් බිලියන 85ක තිබුණු අපේ ආර්ථිකය 2022 අවසන් වනවිට ඩොලර් බිලියන 65 දක්වා කඩා වැටී තිබෙනවා. අපට ආසන්නයේ තිබෙන මාලදිවයිනේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13,500ක් වනවිට අපේ අදායම ඩො. 3000 දක්වා අඩු මට්ටමකට වැටී තිබෙනවා. මේ පාලකයන් රටකට කළ හැකි සියලුම විනාශයන් සිදුකර අවසන්. මේ පාලක කණ්ඩායමෙන් ජනතාවත් රටත් මුදා ගෙන නව ගමනකට මුල පුරන්න ඕනෑ. ඒ වෙනුවෙන් තිබෙන මැතිවරණය මේ පාලක කණ්ඩායම විසින් වළක්වා තිබෙනවා. නමුත් අපි රනිල්ට එක දෙයක් කියනවා. අපි හති වැටෙන්නේ නැහැ, රනිල් කපන බොරු වළවල්වල වැටෙන්නේ නැහැ, ඉතාමත් සූක්‍ෂ්මව, සැලසුම් සහගතව ජයග්‍රහණය දක්වා මේ යාත්‍රාව පදවනවා. ගතවන හැම දවසක්ම මාලිමාවේ ජයග්‍රහණය තහවුරු කෙරෙන දවසක් බවට පත්කර ගන්නවා. යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 2
Previous Post

වෘත්තිය සමිති කණ්ඩායමක් අද ගුරුවරුන් පාලනය කරනවා – ඇමති ප්‍රසන්න

Next Post

හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා – ජනපති

editor

editor

Next Post

හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved