අභාවප්‍රාප්ත වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි වෙනුවෙන් සිය ශෝකය පළ කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබේ.
එහිදී තානාපති කාර්යාලයේ තබා ඇති විශේෂ ශෝක සමරු පොතේ සටහනක් තැබූ වික්‍රමසිංහ මහතා, අනතුරුව එහි සිටි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමු වී සිය සංවේගය ප්‍රකාශ කර ඇත. කමේනිගේ අභාවයත් සමඟ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය විශේෂ ශෝක ප්‍රකාශ කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, විවිධ දේශපාලන නායකයින් එහි පැමිණෙමින් සිටින බව වාර්තා වේ.














