‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ ගතවූ දිනය තුළ පුද්ගලයින් 1,484 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි.
‘රටම එකට’ මෙහෙයුම යටතේ පුද්ගලයින් 847 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී හෙරොයින්, අයිස්, ගංජා සහ හෂීෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිසෙන් සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, තවත් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.
මීට අමතරව ක්‍රියාත්මක වූ විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදී පුද්ගලයින් 25,308 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකකරුවන් 637 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අතර බීමත් රියදුරන් 162 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ පුද්ගලයින් 71 දෙනෙකු ද වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














