රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිරි පස් වසරක කාලය (2026–2030) සඳහා වූ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම නිල වශයෙන් එළිදක්වා තිබේ. සියලුම අදාළ පාර්ශ්වයන් ඒකාබද්ධ කරගනිමින් වඩාත් ප්‍රතිඵලදායී සංවර්ධන වැඩපිළිවෙළක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සහ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙන්ම දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ මඟපෙන්වීම මත මෙම සැලැස්ම සකස් කර ඇත.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව සකස් කර ඇති මෙම සැලැස්ම මඟින් කෘෂිකර්මය, වෙළෙඳ හා කර්මාන්ත, යටිතල පහසුකම්, මානව සම්පත්, පරිසර කළමනාකරණය, සමාජ ආරක්ෂණය සහ තාක්ෂණය යන ක්ෂේත්‍ර අටක් ආවරණය කෙරේ. දිස්ත්‍රික්කය තුළ මෙතෙක් ඉටු නොවූ සුවිශේෂී සංවර්ධන අවශ්‍යතා සඳහා ජාතික මට්ටමේ අවධානය සහ අයවැය ප්‍රතිපාදන ලබා ගැනීම ද මෙම වැඩපිළිවෙළේ තවත් එක් ප්‍රධාන ඉලක්කයකි. රජයේ ප්‍රතිපත්තිමය තීරණවලට අනුව දිස්ත්‍රික්කයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි මෙම සංවර්ධන උපාය මාර්ග ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතය.














