වත්මන් ආර්ථික කළමනාකරණය හමුවේ කුඩා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් කඩා වැටී ඇති බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි රුපියල ශක්තිමත් වුවද, ජනතාවට දැනෙන ජීවන වියදම තවමත් අඩු වී නොමැති බව ඔහු පෙන්වා දෙයි. අපනයන වර්ධනය සඳහා රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවත්, මහ බැංකුවේ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල සැකයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














