ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ගල් අඟුරු ගෙන්වූ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය අසත්‍යයක් බව හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. තමන් විදුලි බල අමාත්‍ය ධූරය දරන සමයේ ගල් අඟුරු සඳහා ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හඳුන්වා දුන් බව මන්ත්‍රීවරයා කීය.
බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වීමේ අවදානමක් පවතින බවද කරුණානායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටියේය.














