“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවයි.
ආපදාවට පත් වූවන් සඳහා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරිය, හානි වූ නිවාස අලුත්වැඩියා කිරීම සහ නව නිවාස ඉදිකිරීම විධිමත් යාන්ත්‍රණයක් යටතේ කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. මේ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ ඉදිරියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.
මෙම හමුවේදී තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පසු සිදු කළ හානි තක්සේරු වාර්තාව (Post Disaster Needs Assessment – PDNA) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීමයි. මෙම රැස්වීම සඳහා අමාත්‍ය බිමල් රත්නායක, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය උපාලි පන්නිලගේ, සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ















