දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දෙමාපියන්ට දැරීමට සිදුව ඇති දැඩි මූල්‍යමය බර ලිහිල් කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය. රජය විසින් ක්‍රියාවට නංවන පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අංගයක් ලෙස දෙමාපියන් මත ඇති පීඩනය අවම කිරීම හඳුනාගෙන ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම ප්‍රතිසංස්කරණ සාමාන්‍ය අධ්‍යාපනයට පමණක් සීමා නොවන බවත්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඇය පැවසුවාය. ආබාධිත තැනැත්තන් සමාජයේ ක්‍රියාකාරී කොටස්කරුවන් බවට පත් කරමින් ඔවුන් රටේ සංවර්ධනයට දායක කර ගැනීම රජයේ අරමුණයි.
අධ්‍යාපනය, සෞඛ්‍යය සහ පොදු ප්‍රවාහනය රජයේ ඉහළම ප්‍රමුඛතා බව පෙන්වා දුන් ඇය, 2026 අයවැය මගින් එම ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන් කර ඇති බව සිහිපත් කළාය. “අපි කිසිවෙකු අත්හරින්නේ නැහැ. මෙය අයිතිවාසිකම් උල්ලංඝනය වූ සියලු දෙනා ඒකරාශී කර ගනිමින් යන සංවර්ධන ගමනක්” යැයි ඇය අවධාරණය කළාය.
රජයේ තීරණ පුද්ගලික මට්ටමින් නොව, සාමූහිකව ගන්නා බවත් මෙය හුදෙක් එක් අයෙකුගේ තීරණයක් නොව සමස්ත රජයේම ප්‍රතිපත්තියක් බවත් ඇය ප්‍රකාශ කළාය.














