• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට ‘ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන’ ස්ථාපනය කෙරේ – අධ්‍යාපන ඇමැති

21 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ වනවිට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත දූරස්ථ ක්‍රම මඟින් වුව ද විවිධ හේතු සාධක මත එම පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් “ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන” පිහිටුවීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (21) දින නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා පාසල් විවෘත නොකිරීම හේතුවෙන් මේ වනවිට අධ්‍යාපන කටයුතු සිදුවන්නේ දූරස්ථ/මාර්ගගත ක්‍රමවේදයෙනි. එමෙන් ම ගුරුගෙදර, ඊ තක්සලාව මෙන් ම ගුවන්විදුලිය ආදී මාධ්‍ය ඔස්සේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් සැලසීමට රජය කටයුතු ක‍රනු ලැබේ. ඊ තක්සලාව මඟින් ගුරුවරුන්ට ‘වර්චුවල් පන්තිකාමර’ සකස්කර අධ්‍යාපනය ලබා ගැනීමට ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් මඟින් පහසුකම් සලසා දී තිබේ. ඊ තක්සලාවෙහි පාඩම් 65000ක ප්‍රමාණයක් අඩංගුකොට තිබෙන අතර ලක්ෂ 2 ½ක් පමණ දිනකට ඊට ප්‍රවේශය ලබයි. පසුගිය මාසයේ මිලියන 3.5ක් ඊට ප්‍රවේශය ලබා තිබේ. ගුරුගෙදර වැඩසටන රූපවාහිනියේ ‘චැනල් අයි’ නාලිකාවේ සිංහල මාධ්‍යයෙන් ද දමිළ මාධ්‍යයෙන් නේත්‍රා නාලිකාවෙන් ද ක්‍රියාත්මක වේ. දිනකට පැය 16ක් බැගින් දවස් 05ක් ක්‍රියාත්මක මෙය 03වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාඩම් 5000ක් පමණ මේ වනවිට පටිගතකොට තිබේ. ඊ තක්සලාවට ප්‍රවේශ වීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. ඉහත අන්තර්ජාල හා රූපවාහිනී වැඩසටහන් ‘අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා ජාතික අධ්‍යාපන ආයතනය’ මඟින් පූර්ව ප්‍රමිතිකරණයකට යටත් ව සිදු කෙරේ. එමෙන් ම පළාත්, කොට්ඨාස, පාසල් හා‍ ශ්‍රේණි මඟින් සමාජ මාධ්‍ය ජාලා හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් අදාල විෂය අධ්‍යක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. නමුත් මේ සියල්ල සඳහා ප්‍රවේශවීමේ ගැටලුව රටේ 12%ක් හෝ ඊට තරමක් වැඩි ප්‍රමාණයකට බලපා ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය මඟින්, ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන ලෙස පසුගිය 17වන දින සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වීම් මධ්‍යස්ථාන ග්‍රාමීය වශයෙන් ආරම්භ කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන හා පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය එක්ව මේ වනවිට සැලසුම්කොට තිබේ.

ඒ අනුව එම මධ්‍යස්ථාන හඳුනාගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී. එම මධ්‍යස්ථානයක් උදෑසන 7 සිට ප.ව. 3.00 දක්වා විවෘත කිරීමට නියමිත ය. එම මධ්‍යස්ථානයක පරිගණක, ලැප්‍ටොප් පරිගණක සහ ටැබ් පරිගණක 10කින්වත් සමන්විත විය යුතු ය. එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව සම්බන්ධීකරණය කලාප මට්ටමින් ද නියාමනය හා මඟ පෙන්වීම පළාත් මට්ටමින් ද සිදුකරමින් මෙය ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙන බව ද පැවසී ය.

 

 

 

Post Views: 6
Previous Post

කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගනි

Next Post

දෝහා කටාර් රාජ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට පරිත්‍යාග කිහිපයක්

editor

editor

Next Post

දෝහා කටාර් රාජ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට පරිත්‍යාග කිහිපයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved