හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ නඩුවේ වරදකරුවන් වූ පිරිසගේ ඥාතීන් අද (23) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබේ. එහිදී ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු හමුවී සාකච්ඡා කළ ඔවුන්, මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ. විශේෂයෙන්ම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කිරීම තමන්ට විශාල බලාපොරොත්තුවක් බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් ඉටු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් දඬුවම් නියම වූවන්ගේ ඥාතීන් මෙහිදී පවසා සිටියහ.














