පසුගිය කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වු ගංවතුර තත්ත්වයට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවහිර වු ඇලමාර්ග හේතුවු බව ගම්පහ දිසාපති එස්. සත්‍යානන්ද මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ ගංවතුර තත්ත්වයට හේතු වු ප්‍රධාන ඇලමාර්ග පවිත්‍ර කිරීමේ අවස්ථාවට ඊයේ (03) දින එක් වෙමිනි.
ගම්පහ ගංවතුර තත්ත්වයට හේතු වු ප්‍රධාන ඇලමාර්ග 5ක් හදුනාගෙන එම ඇලමාර්ග පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ අද ආරම්භ කළ බවද සත්‍යානන්ද මහතා සදහන් කරයි.
ගම්පහ දිසාපතිවරයා පවසන්නේ වසර අවසන් වන විට මෙම වැඩපිළිවෙල සාර්ථක වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම පාලනය කිරීමට හැකි වනු ඇති බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කය නැවත ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා මෙම ඇළ මාර්ග පිළිසකර කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරිණ.
ගම්පහ ගංවතුර තත්ත්වයට හේතු වු ප්‍රධාන ඇලමාර්ග 5 ක් හදුනාගෙන තිබේ. ඉන් ඇළ මාර්ග 3 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද ආරම්භ විය. එලෙස ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූයේ ජාරු ඇළ, කළුකොටුව ඇළ, කුණ්ඩි ඇළ යන ඇළ මාර්ග තුනයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 18 කි. මෙම වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ස්ථාන 71 ක් සුද්ධ පවිත්‍ර කිරීමටද නියමිතය.
පසුගිය දිනවල ඇද වැටුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ග්‍රාමසේවා වසම් 159 ක් ජලයෙන් යට වු අතර මේ නිසා අවතැන් වු පවුල් සංඛ්‍යාව 11,157 කි. පුද්ගලයන් 46,797 දෙනෙකු පීඩාවට පත්වුහ. නිවාස දෙකක් පූර්ණ වශයෙන් හානි වු අතර නිවාස 25 කට අර්ධ හානි සිදුවිය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, ගම්පහ දිසාපති ඩබ්ලියු.එස් සත්‍යානන්ද, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.