• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ දී අවසන් කළ යුතුයි – ඇමැති නිමල්

8 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුපියල් බිලියන 315 ක ණය කන්දරාවක් තවදුරටත් මේ රටේ ජනතාවට බරක් නොවනු පිණිස ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (01)කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ කාර්යාලයේ පැවති සේවක නියෝජිත හමුවේදීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,ශ්‍රී ලංකන් කේටරින් සමාගම,ශ්‍රී ලන්කන් විධායක නිලධාරී සංගමය,භූමි මෙහෙයුම් (Ground handling) නිලධාරීන්ගේ සංගමය,ගුවන් යානා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය ඇතුළු සේවක සංගම් කීපයක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක් වූහ.

මෙම ප්‍රතිව්‍යුහගත ගත කිරීම තුළින් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත්, ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස තමන් ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,දීර්ඝ කාලයක් සුදු අලියෙක්ව පැවති මෙම ගුවන් සමාගම නඩත්තු කිරීමට මේ රටේ සංවර්ධනයට යොදා ගත හැකිව තිබූ බදු මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති බව ය. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් මෙම ආයතනය මහජන මුදලින් නඩත්තු කිරීම රටටම කරන අසාධාරණයක් බව ඇමැතිවරයා පැවසීය.එම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කළ යුතුය යන්න මූලික වශයෙන් අපි සැවොම පිළිගත යුතු බව ඇමැතිවරයා අවධාරණය කළේය. මෙම ගුවන් සේවය ගුවන් ප්‍රතිව්‍යුහගත කිරීමට හොඳ මොඩලයක් සැකසිය යුතු බවත්,ඒ අනුව මෙම ගුවන් සේවය බාර ගැනීමට දේශීය ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නම් ඉතා අගය කරන බව අමාත්‍යවරයා පැවසීය.කුමන මොඩලයේ ප්‍රතිව්‍යුහගත කරන යෝජනාවක් ඉදිරිපත් කළ ද ,සේවක අයිතිවාසිකම් උල්ලංඝණය නොවන ආකාරයට එම වැඩපිළිවෙළ සකස් කළ යුතු බවත්,සමාගම ඉදිරිපත් කරන ප්‍රතිව්‍යුහගත කරන වැඩ පිළිවෙල පිළිබඳව වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කර, අනතුරුව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ද එම යෝජනාවලිය ඉදිරිපත් කර විනිවිදභාවයෙන් එය කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.එහෙත් මේ සියලු කටයුතු කරමින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජය පතිරන මහතා කියා සිටියේ,”අපේ ජාතික ගුවන් සේවය මේ තත්ත්වයට පත්වීම පිළිබඳව වගකිවයුත්තේ සේවකයන් නොව වැරදි තීන්දු ගත් දේශපාලකයන් සහ ඉහළ පාලන අධිකාරිය බවය.ආයතනය රැක ගැනීම සඳහා යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බව පිළිගන්නා බවත් එ් අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාහිර පාර්ශ්වයකට ලබා දෙන්නේ නම් එය දේශීය ආයෝජකයෙක්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගත සමයේ මෙම ආයතනයේ සේවකයන් සිය වැටුපෙන් 25% ක් ආයතනයට ස්වෙච්ඡාවෙන් පරිත්‍යාග කළ බවත්,ගුවන් මගීන් නොපැමිණි එම කාලයේ සියළු සේවකයන් එක්ව කම්කරුවන්සේ වැඩ කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කැබින් ලෝඩින් කරමින් සමාගමට රුපියල් මිලියන හාරසියයක (400) මුදලක් උපයා දුන් බව ද සේවකයෝ මෙහි දී පෙන්වා දුන්නේය. මෙම ආයතනය වර්තමාන තත්ත්වයට පත් කළ නිලධාරීන් හා එය තවත් ප්‍රපාතයට ඇද දමන නිලධාරීන් පිළිබඳව සොයාබලා දඬුවම් දඬුවම් කළ යුතු බව සේවකයෝ අවධාරණය කළහ.නමුත් වර්තමාන සභාපති අශෝක් පතිරගේ මහතා පැමිණීමත් සමඟ ආයතන යම් ප්‍රගති දායක ගමනකට අවතීර්ණ වී ඇති බව ද එහෙත් මෙම ආයතනයේ මුල් අැද සිටින දූෂිත නිලධාරීන් නිසා එම ගමන ද මන්දගාමී වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම වෘත්තිය සමිති නියෝජිත හමුවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ද සහභාගි විය.

 

Post Views: 0
Previous Post

‍එප්පාවල පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනේ

Next Post

උකුවෙල ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනයට විජලන වැඩසටහනක්

editor

editor

Next Post

උකුවෙල ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනයට විජලන වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

26 June 2025
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025

Recent News

අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

26 June 2025
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් බිහිසුණු අනතුරක් (photo)

තවත් බිහිසුණු අනතුරක් (photo)

26 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved