• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභිනව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ සිය ධුරයේ අද වැඩ භාර ගනි

11 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අභිනව අටමස්ථානාධිපති  පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ  අද (11) පෙරවරුවේ වැඩ භාර ගත්හ.

එකලොස් වන අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ලෙස රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ පත්කිරීම ට අටමස්ථාන කාරක සභාව තීරණය කරනු ලැබීය.අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා රැස්වූ එම කාරක සභාවේ ඒකමතික තීරණය අනුව මෙම පත්කිරීම සිදුකෙරිණි.

අටමස්ථානාධිපති උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ පසුගිය මස 18 වැනිදා අපවත් වූ නිසා අටමස්ථානාධිපති ධුරය පුරප්පාඩු විය. ඒ අනුව අභිනව පත්කිරීම යටතේ හේමරතන නා හිමියන් අද  (11 )පෙරවරුවේ නිල වශයෙන් අටමස්ථානාධිපති ධුරයේ කටයුුතු ආරම්භ කරනු ලැබූහ.

නුවර කළාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය පල්ලේගම හේමරතනාභිධාන නාහිමපාණන් වහන්සේ අභිනව අටමස්ථානාධිපති ධූරයේ වැඩ භාරගැනීමේ පුණ්‍ය මහෝත්සවය අද  (11) පෙරවරු 6.45 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාර භූමියට වැඩම කිරීමෙන් අනතුරුව , පෙරවරු  6.50 ට උතුරු වාහල්කඩ වෙත පෙරහැරින් වැඩම කරවනු ලැබීය .අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතා සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන ආකාරයට පිච්ච මල් වට්ටියක් පිළිගන්වා නාහිමියන් පිළිගැනීම සිදු කළ  අතර, නාහිමිපාණන්උඩමළුව වෙත වැඩම කර ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පිච්චමල් වට්ටිය පූජා කිරීමෙන් අටමස්ථානාධිපති ධූරයේ වැඩ භාර ගැනීම නිළ වශයෙන්  සිදු කෙරේ. අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කරනු ලැබීය.අනතුරුව උඩමළුවේ සිට දකුණු දොරටුවෙන් විහාර මන්දිරය වෙත වැඩම කිරීම හා ආගමික වතාවත් සිදු කිරීමත්, අභිනව අටමස්ථානාධිපති නාහිමයන්ගේ සුරතින් විහාර මළුවේ බෝ අංකුරයක් රෝපණය කිරීමත්, විහාරස්ථානයක රෝපණය කිරම සඳහා බෝ අංකුරයක් පරිත්‍යාග කිරීමත් සිදු කෙරිණි.

ඉන් අනතුරුව මහා සංඝරත්නය හා පැමිණි පිරිස අමතා අනුශාසනාවක්ද නාහිමියන් සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව පැමිණි සැදැහැවතුන් අභිනව අටමස්ථානාධිපති හිමියන්ට සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.

හේමරතන ස්වාමීන්වහන්සේ උපත ලැබූයේ 1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී ය. මූලික අධ්‍යාපනය ලැබූයේ මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය , පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් වලිනි. 1968 මැයි 09 වනදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවිදි දිවියට ඇතුලත් වූහ. 1975 ජුනි 05 වනදා මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබූ උන්වහන්සේ අනුරාධපුර මහා විහාර පිරිවෙණ , කොලඹ මාලිගාකන්ද විද්යෝදය යන පිරිවෙන් වලින් පැවිදි අධ්‍යාපනය ලබා ඇත. ඉන් පසුව කැලණිය විශ්වවිද්‍යාලටය ඇතුලත්ව පුරාවිද්‍යාව පිළිබදව විශේෂවේදී උපාධිය සමත්ව ඇත. 1977 සිට 1988 දක්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ තේවා කටයුතු භාරව කටයුතු කිරීම , 1982 සිට 1997 දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු හා පරිවේණාධිපති වහන්සේ ලෙස කටයුතු කිරීම , 1988 සිට ජේතවනාරාම විහාරාධිකාරී ලෙස කටයුතු කිරීම , 1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබීම , 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරීම , 1997 දී රුවන් වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට හා නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියට පත්වීම යන පදවින් හි නිරතව තිබේ.උන්වහන්සේ වසර 25 ක් රුවන්වැලි චෛත්‍යරාමාධිපති ධූරයේ කටයුතු කරනු ලැබීය.හේමරතන නා හිමියන් අටමස්ථානාධිපති නාහිමිපාණන් ලෙස පත්වීම් ලැබූයේ 2022 ඔක්තෝබර් 25 වන දින සිටයි .උන්වහන්සේ 11 වැනි අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ලෙස සැලකේ.

ලොව පුරා බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් ප්‍රධාන අටමස්ථානය යනු ජනී ජනයාගේ සිත් සතන් සුවපත් කරන්නා වූ මහා පින් බිමකින්, ඒ පින්බිමෙහි සියලු කටයුතු නිවැරදිව අධීක්ෂණය කරමින්, එම ස්ථාන බැබළවීම අටමස්ථානාධිපති නාහිමියන්ට පැවරෙන ප්‍රධාන රාජකාරියයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු අමාත්‍යයවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, එස්.එම් චන්ද්‍රසේන , පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, රාජ්‍යය නිළධාරීන් ඇතුලු දායක දායිකාවන්ද පැමිණ සිටියහ.

එහිදී අනුශාසාවක් සිදු කළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්,

මේ වාසනාවන්ත ‌ෙඑතිහාසික අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න,   සහෘදයිනී,හිතවතුනි,  දායක දායිකාවනී,වාසනාවන්ත පින්වතුනි, අද නොවැම්බර් මාසේ 11 වැනිදා, 11- 11 ඊට තවත් 11 ක් එකතු කිරීමේ දෛවෝපගත අවස්ථාවක් ලැබිලා තියෙනවා.මම මේ තනතුරේ වැඩ භාර ගන්න 11 වැනියා. 11-11-11, මේ සියලූම සිද්ධි ස්වභාව ධර්මයේ යම් රිද්මයකට අනුව සිද්ධ වෙන බව මට දැනෙනවා.ඒ වගේම මේ වෙලාවේ මේ පිරිස දකින කොට අවුරුදු 50 කට විතර ඉස්සර වෙලා ගුටි කන්න බයේ, පාඩම් කරපු සැළලිහිනිය මතක් වෙනවා.සැළලිහිනියේ තියෙනවා එක කවි  පදයක්, තොප  දැකුමෙන් අපි පින් කළ බව දැනුනී කියලා. ඒ නිසා මේ මුහුණු දැක්කම මට ඒ කවි පදය මතක් වුණා.

ජීවිතයේ බොහෝ අසීරුම අවස්ථාවන් වල මාත් එක්ක හිටපු අය මෙතන ඉන්නවා. සෑහෙන කාලයකට පස්සේ යම් යම් තනතුරු වලට ආවට පස්සේ ඒ තනතුරු එක්ක සම්බන්ධ වෙලා, එ තනතුරු වලින්  ගියත් ඒ සම්බන්ධකම් තියා ගත්ත අය ඉන්නවා, ගමේ ඥාතීන් ඉන්නවා, හිතවතුන් ඉන්නවා, විවිධ තරාතිරම් වල අය ඉන්නවා.ඒ නිසා තමයි මේ අපේ ගමන ශක්තිමත් වුණේ.මේ තනතුරට පත් කළාට පස්සේ මාධ්‍ය සාකච්ජාවේදී අපේ මාධ්‍ය මිත්‍රයෝ සාම්ප්‍රදායික ක්‍රමයට කවුද ප්‍රධාන ආරාධිත අමුත්තා කියලා, කවුද එන දේශපාලඥයා, කාටද ආරාධනා කරන ප්‍රභූවරයා කියලා.මේකට දේශපාලඥයෝ නෑ, ප්‍රභූවරු නෑ, කාරණා දෙකක් යටතේ එන්න පුලුවන් මගේ පෞද්ගලික මිත්‍රයෙක් හැටියට එන්න පුලුවන්, හිතවතෙක් හැටියට එන්න පුලුවන්, අනෙක් එක සියලු දෙනාම දායකයෝ, සමහරු දායකකමයි, මිත්‍රකමයි, දෙක තුනමත් තියෙනවා.ඒ නිසා ඒ කියපු විදිහට අපිට කටයුතු කරන්න පුලුවන්.මේ දුෂ්කර කාළයක්.මම පෞද්ගලිකව සතුටු වෙනවා එබඳු දුෂ්කර අවස්ථාවක යමක් කරන්න පුලුවන්ද කියලා උත්සහ කරන්න ලැබෙන එක.මම එහෙම ඒවාට කැමතියි, නිකම්ම ගලාගෙන යන ප්‍රවාහයකට එකතු වෙලා නොදැනෙන්න ගලාගෙන යනවාට වඩා, පහළට ගසා ගෙන ගියත් යම් තැනක මග හරස් කරලා ,උඩුගම් බලා යන්න මගේ කැමැත්තක් තියෙනවා. ඒ නිසා මේ ඉන්න සියලු දෙනාගේම සහය මට අවශ්‍යයි.මේ තනතුරෙන් අපිට කරන්න පුලුවන් මහජනතාවගේ හිත් නිවලා මේක සැනසිල්ල ගේන ක්ෂ්‍රේමභූමියක් කරන එකයි.මෙතන්ට එන බොහෝ දෙනාගේ පෞද්ගලික අරමුණ තියෙන්න පුලුවන්, නමුත් ඔවුන්ට අවශ්‍යය වන්නේ හිත නිවාගන්න. හිත නිවාගන්න පුලුවන් තරම්  උපකාර කරන එකයි මගේ වගකීම.

සිරිනිවාස නා හිමියන්ගේ අපවත්වීමේ පටන් මේ දක්වා ගෙවුණ, කාළය ඉතාම අසීරුකාළයක් වුණත්, අපේ ශිෂ්‍ය හිමිවරුන්, මගෙන් පස්සේ මේ තනතුරු වලට එන්න සුදුසුකම් තියෙන සියලු දෙනාමට එක විදිහට මට සහය දුන්නා, මේ පළාතේ රාජකාරී කරන බොහෝ දෙනක් මට සහය දුන්නා, මගේ නායකත්වය පිළිගත්තා. ඒනිසා එකටයුත්තේ සිට මෙතන්ට එන කම්ම මේ අයාලේ යන සමාජ ක්‍රමයට සුලු හෝ අඩයක් තියන්න පුලුවන් වුණා.මේ යන ක්‍රමය නතර වෙන්න ඔ්න, වෙනස් වෙන්න ඔ්න කියන මතයේ මම ඉන්නවා.අද මේ තනතුරේ ශක්තියත් එක්ක මම කියන්න කැමතියි , අපි මේ යන්නේ කොහෙද කියලා අපිම දන්නේ නෑ, ඔබේ සහය නැතිව මේ කිසි දෙයක් කරන්න බෑ, ඔබේ සහය උපකාරය, මග පෙන්වීම අපිට අවශ්‍යයි යැයි පැවසූහ.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 3
Previous Post

2023 අයවැය කථාව එළැඹෙන සදුදා ..පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන නිවේදනය කෙරේ

Next Post

අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා වැඩ භාර ගනියි

editor

editor

Next Post

අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා වැඩ භාර ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved