• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරුමපුදුම ආකාරයට රිෂාඩ් බදියුදීන් නිදහස් විය මියගිය අහිංසකයන් නැවත මරාදැමීමක් – ජයන්ත සමරවීර

4 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය, අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුවේ 07 වැනි සැකකරු වන රිෂාඩ් බදියුදීන් එකී නඩුවෙන් අරුමපුදුම ආකාරයට නිදහස් වීම එම ප්‍රහාරයෙන් මියගිය අහිංසක සිවිල් වැසියන් යළි වතාවක් මරාදැමීමක් නොවේදැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රශ්ණ කර සිටි.

ඒ මහතා මේ බවැ පැවසුවේ ඊයේ (03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ” පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හත්වැනි සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තවදුරටත් එම නඩුවේ සැකකරුවකු නොවන බව ප්‍රකාශ කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු නඩුවෙන් නිදහස් කරනවා. නීතිපතිවරයා විසින්, එම නඩුවේ හත්වැනි සැකකරු ලෙස නම් කර සිටින රිෂාඩ් බදයුදීන්ට එරෙහිව තවදුරටත් නීතිමය කටයුතු නොකරන වගත් ඔහු එම නඩුවෙන් නිදහස් කිරීමට අදාළ කටයුතු සිදු කරන ලෙසටත් CRI 205/20 නමැති නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපතිවරයාගේ එම උපදෙස් පරිදි සිදු කළ ඉල්ලීම මතයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් මෙම තීන්දුව දී තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි මෙතෙක් අධිකරණය භාරයේ තිබූ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට යළි ලබාදීම ද එම අධිකරණ නියෝගයට ඇතුළත්. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා මෙම නඩුවේ හත්වැනි සැකකරු ලෙස නම් කරන්නේ ඔහු හා බැඳුණු බලවත් සැක සහිත සිදුවීම් නිසයි. ඔහු කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස සිටියදී තමන් යටතේ තිබූ කාර්මික සංවර්ධන මණ්ඩලයෙන්, ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ්ගේ සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉල්හාම්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම්ට කෝටාව ඉක්මවා තඹ ලබාදී තිබුණා. පාස්කු ප්‍රහාරයට අදාළ මරාගෙන මැරෙන බෝම්බ නිපද වූ බවට චෝදනා එල්ල වූ තඹ කම්හලේ හිමිකරු වූ මේ මොහොමඩ් ඊබ්‍රාහිම්, රිෂාඩ් බදියුදීන්ගේ ගජ මිත්‍රයෙක්. මේ පිළිබඳව පැමිණිලි බොහෝ ප්‍රමාණයක් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණත් ඒ පැමිණිලි පිළිබඳ විමර්ශන මේ වන විට අවසන් ද? කියන ප්‍රශ්නය රිෂාඩ් බදියුදීන්ගේ මේ නිදහස් වීමත් සමගම ජනතාවට ඇතිව තිබෙනවා. කෝටාව ඉක්මවා ලබා ගත් තඹවලින් උපයාගත් ධනය පාස්කු ප්‍රහාරය සඳහා යොදාගත් බවට ද මේ අයට චෝදනා එල්ල වුණා. එම විමර්ශනයත් දැන් අවසන් ද?

ඒ විතරක් ද? රිෂාඩ් බදියුදීන් යටතේ තිබුණු සතොස ආයතනයේ වාහන ගණනාවක් ඔහුගේ සහෝදරයා වූ රියාද් බදියුදීන්ගේ මාර්ගයෙන් සහරාන්ලාගේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය යොදාගත් බවට GPRS වාර්තා සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබුණා. අපත් එම තොරතුරු එදා මාධ්‍ය මගින් ජනගත කළා. රිෂාඩ් බදියුදීන් මෙම සිදුවීම්වලට අනියමින් හෝ සම්බන්ධ නොමැති බව විමර්ශනවලින් ඔප්පු වී තිබෙනවා ද? මේ පිළිබඳව ජනතාව තුළ බරපතල සැක සංකා ඇතිව තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, දැන් ජනතාව තුළ ඇත්තේ මේ විදියට පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු සැකකරුවන් එකිනෙකා නිදහස් වී ගෙදර යාවි ද? කියන ගැටළුවයි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය, අදටත් ආබාධිතව දුක් විඳින පිරිසට සාධාරණයක් ඉටු වේවි ද? කියන සැකය ද අප හමුවේ තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන අත පෙවීමක් සිදුවෙලා, නීතිපති දෙපාර්තමේන්තුව ඒ අතපෙවීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලා මෙම තීන්දුව ලැබුණු බවයි පෙනීයන්නේ. මෙහෙම ගියොත් නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය නැත්තටම නැති වෙනවා. ඒ වගේම නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳ වැටෙනවා. අවසානයේ දී මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගගිය පිරිසට සාධාරණය ඉටුවනවා වෙනුවට ඔවුන් යළි වතාවක් මරා දැමෙනවා.

අරුමපුදුම ආකාරයට රිෂාඩ් බදියුදීන් නිදහස් වන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවෙන් හමු වී ඇති තත්ත්වයක් තුළයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පිරිස් වෙත, විවිධ චෝදනා එල්ල කරපු අය, රිෂාඩ් බදියුදීන්ගේ නිදහස් වීම පිළිබඳව හිතාගත නොහැකි නිහඬතාවක ඉන්නා බවයි පෙනෙන්නේ.”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

චීනයෙන් එවනු ආධාර මාටියා ගහන්න ලැස්ති වෙන්න එපා – නාමල් කරුණාරත්න

Next Post

මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක්

editor

editor

Next Post

මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved