• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි ඉංජිනේරුවන් රට හැර යාමේ අවදානමක් – නීතීඥ අජිත් පී පෙරේරා

18 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විදුලි ඉංජිනේරුවන් රට හැර යෑමේ විශාල අවධානමක් තිබෙන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් පල කල නීතීඥ අජිත් පී පෙරේරා මහතා ” අපේ රටේ වෛද්‍යවරුන් අරලියගහ මන්දිරයට තමන්ගේ වෘත්තීය ප්‍රශ්න කතා කරන්න පැමිණෙන කොට සිය ගණනක සන්නද්ධ පොලිසියත් හමුදා කණ්ඩායම් ඇතුළු කැරලි මර්දන ඒකක එව්වා එහිදී මතක තියාගන්න ඕන මේ කැරලි මර්ධන ඒකක කඳුළු ගෑස් වතුර බලකායන් යොදන හැම මොහොතකම රජයට විශාල පාඩුවක් ඇතිවෙන බව. රජය සාමාන්‍යයෙන් පොලිසියේ කටයුතුවලට යොදවන්නට නියමිත පොලිස් නිලධාරීන් මේ විදිහට හදිසි බරපතළ කැරළි මර්ධන කටයුතුවලට කියලා කොළඹට කැඳවලා ඒ අය මේ විදියට භාවිතා කිරීම තුළ මේ රටේ පුරවැසියෝ ගෙවලා තියෙන්නේ.එහෙම නැතුව බලධාරීන් පෞද්ගලිකව ගෙවලා නම් ප්‍රශ්නයක් නැහැ. අද මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් රට අතහැර යනවා ඉස්සරත් රට හැර ගියා දැන් ඉස්සරට වඩා රට හැර යනවා රටේ බුද්ධිගලනය අලුත් ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මේ රට පාලනය කරන දේශපාලන නායකයන්ගේ වැරදි නිසා හා රට බංකොලොත් වෙලා රට තුළ ප්‍රමාණවත් ආදායමක් උපයාගන්න නොහැකි වුණාම තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර ගන්න බැරි වුණාම වෛද්‍යවරුන් ඇතුළු වැදගත් වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර යමින් සිටිනවා.මේ ප්‍රශ්නයට උත්තරය මොකක්ද? රට තුළ වෘත්තිකයන්ට අනාගතයක් තියෙනවා ඔවුන්ගේ දරුවන්ට අනාගතයක් තියෙනවා කියන කාරණය සනාථ කරන පාලනයක් මේ රටේ ස්ථාපිත කිරීම තුළ විශ්වාසය ඇති කිරීම. මොකක්ද මේ රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග. අද රජය වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳව දක්වන ආකල්පය කුමක්ද, රට හැර යන වෘත්තිකයන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අම්මලා තාත්තලා ටත් එක්ක අපහාස කරනවා ඒ වගේම රට හැර යන්නන් දේශද්‍රෝහීන් කියලා අපහාස කරනවා සංවිධානාත්මකව ඒ වගේම ඔවුන් සමග සාධාරණ ක්‍රමවේදයකට නිසි ගරුත්වය කර සාකච්ඡා කරන්නෙ නැතුව ඔවුන් ත්‍රස්තවාදීන් ශ්‍රී සලකලා සන්නද්ධ හමුදාව ඇතුළු සනත් කඳුළුගෑස් කැඳවලා ජල ප්‍රහාරක බලකායන් කැඳවලා මේ රටට එරෙහි කණ්ඩායමක් වෛද්‍යවරුන් කියලා පෙන්නුම් කරනවා නිදහස් අධ්‍යාපනයෙන් හෝ පෞද්ගලික අධ්‍යාපනයෙන් හෝ වේවා දුක් මහන්සි වෙලා හම්බ කරල පාඩම් කරලා රටට සේවය කිරීමට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගත්ත මේ අය රටට සම්පතක් ඒ සම්පත ආරක්ෂා කළ යුතුයි එහෙම කරන්නට නම් රජයට යුතුකමක් වගකීමක් තියෙනවා ඒ අයගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන එක ඒ වගේම ඔවුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කරන්න පහසුකම් සපයන්න කොච්චර දුප්පත් රටක් වුණත් කොච්චර අමාරුවේ වැටිලා හිටියත් මේ රටේ පුතෙක් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් තොරතුරු තාක්ෂණවේදී හෙදියන් ඇතුළු මේ රටේ සංවර්ධනයට සහ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන්නා වූ වැදගත් වෘත්තිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් නොකළොත් තවදුරටත් රට යනවා. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් පසුගිය දිනක ප්‍රකාශ කළා කිසිවිටෙක වෛද්‍යවරුන්ට රට හැර යන දෙන්නෙ නැහැ කියලා ඒ වගේම රජයට ආවඩන කථිකයන් කියනවා ඒ අය අත්අඩංගුවට ගන්නලු දැන් ඒකද ක්‍රමවේදය. නිසි ක්‍රමවේදයට නිවාඩු ලබා විදේශගතව සීමිත කාලයක් රැකියාවක් කිරීම අවස්ථාව නොදුන්නොත් මේ වෛද්‍යවරුන් ඉංජිනේරුවන් රස්සාවෙන් අස් වෙලාම යනවා. එසේ ගියාට පස්සේ නැවත එන්නේ නැහැ. එතකොට ඒ නිසා රටෙන් එළියට යන එක තහනම් කිරීම හෝ නිවාඩු අනුමත කරන්නේ නැහැ ශිෂ්‍යත්ව වලට යන්න බැහැ යන ආදී වශයෙන් මේ විදිහට අසාධාරණ ලෙස කොන්දේසි පැනවීම ප්‍රකාශ කිරීම අවමන් කිරීම තුළ වෘත්තිකයන් රට හැර යාම තවත් වේගවත් වෙනවා ඒ නිසා ජනාධිපතිවරයා කළ යුතු වන්නේ වෘත්තිකයන්ගේ අනාගතය සහ ඔවුන්ගේ පවුල් ඇතුළු සමස්ත රටේම අනාගතය සුරක්ෂිත වන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමයි. අද වෙනකන් මේ රටේ සංවර්ධනය උදෙසා ආර්ථිකය ගොඩනැගීම උදෙසා වූ නිසි වැඩපිළිවෙළක් සැලැස්මක් රජය ඉදිරිපත් කරලා නැහැ එය වෘත්තිකයන්ට තේරෙනවා ඔවුන් අහනවා මොකක්ද රටේ අනාගතය ආර්ථිකය ගොඩ නඟන වර්තමාන ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව සැලැස්ම කියලාඑහෙම එකක් නැහැ මේ රටේ අනාගතය සහ රටේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කෙරෙන නවීන ලෝකයට උචිත අධ්‍යාපන ක්‍රමයක් සඳහා සැලැස්ම කුමක්ද එහෙම සැලැස්මක් නැහැ ඒ විතරක් නෙමෙයි අද වෙනකොට දේශපාලන වශයෙන් අස්ථාවර භාවයක් ඇතිවෙනවා වර්තමාන ජනාධිපතිවරයා ගේ හිතුවක්කාර වැඩපිළිවෙළට විවිධ පාර්ශ්වයන් පාර්ලිමේන්තුවේ විරුද්ධ වෙන්න ඉන්නවා ඒ නිසා ඊළඟ අයවැය සම්මත කරගැනීම පිළිබඳ අවිනිශ්චිත බවක් තියෙනවා අමතර වශයෙන් දේශපාලන අස්ථාවරභාවයක් නැවත ඇතිවෙලා මේ තත්ත්වය තුළ රටේ වෘත්තිකයන් රට හැර යෑම බුද්ධිගලනය වැළැක්වීම සඳහා නිසි වැඩ පිළිවෙළක් සැලැස්මක් සකස් කොට එය රටට ඉදිරිපත් කළ යුතුයි ඒ මගින් පමණයි මේ රටේ වෘත්තිකයන් රට හැර යාම පාලනය කරන්න පුළුවන් යැයි නීතීඥ අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

විපක්ෂ නායකගේ මැදිහත් වීමෙන් ව්‍යවසායකයන්ගේ ගැටලු ලෝක බැංකුවට ඉදිරිපත් කරයි

Next Post

පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අවස්ථාව – ජනපති

editor

editor

Next Post

පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අවස්ථාව - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved