මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) විසින් රියදුරු බලපත් කාඩ්පත් මිලදී ගැනීමේදී පැවති දූෂිත හෝ අක්‍රමවත් ක්‍රමවේද ඉවත් කිරීම නිසා, වසර 17කට පෙර රුපියල් 1392කට ලබාගත් කාඩ්පතක් දැන් රුපියල් 219ක් වැනි ඉතා අඩු මිලකට ලබාගැනීමට හැකි වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. 2009 වසරේ සිට කැබිනට් අනුමැතිය මත ටෙන්ඩර් කැඳවීමකින් තොරව අධික මිලකට ලබාගත් මෙම කාඩ්පත්, 2025 සහ 2026 වසරවලදී විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙලෙස අඩු මිලට ලබාගැනීමට හැකි වී තිබේ.
කාඩ්පත් හිඟය හේතුවෙන් මෙතෙක් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී තිබූ රියදුරු බලපත්‍ර ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු කරමින් පවතින බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය. එසේම, හිමිකරුවන් විසින් රැගෙන නොගිය පැරණි වාහන අංක තහඩු ලක්ෂ දෙකහමාරක් පමණ කාර්යාලවල ගොඩගැසී ඇති බව ද වාර්තා වේ.














