කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වන යෂ් (Yash) රංගනයෙන් දායක වන ‘Toxic’ චිත්‍රපටයේ අලුත්ම ටීසර් (Teaser) පටය අද (20) අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟ ඉන්දීය සිනමා ලෝලීන් අතර දැඩි උද්යෝගයක් නිර්මාණය වී තිබේ. මෙම ටීසර් පටය නැරඹූ රසිකයන් පවසන්නේ මෙහි යෂ් ද්විත්ව රංගනයක (Double Role) නිරත වන බවට ඉඟි පළවන බවයි.
අද නිකුත් වූ කෙටි දර්ශන පෙළ තුළ යෂ්ගේ පෙනුම සහ රංගන විලාසය අනුව ඔහු චරිත දෙකක් නිරූපණය කරන බවට බොහෝ දෙනා අනුමාන කරති. ඇතැම් රසිකයන් මෙය හඳුන්වන්නේ ‘Dhurandhar 2’ චිත්‍රපටයට එල්ල කළ දැවැන්ත අභියෝගයක් ලෙසයි. සමාජ මාධ්‍ය තුළ මේ වන විට ‘Toxic’ සහ ‘Dhurandhar 2’ රසිකයන් අතර උණුසුම් වාද විවාද පවා හටගෙන තිබේ.
ලබන මාර්තු 19 වනදා ඉන්දීය සිනමාවේ සුවිශේෂී දිනයක් වනු ඇත්තේ එදින චිත්‍රපට දෙකක් කරට කර සටනකට පිවිසෙන බැවිනි:
රන්වීර් සිං සහ අක්ෂේ ඛන්නා රංගනයෙන් දායක වන Dhurandhar: The Revenge (Dhurandhar 2)
පසුගිය මාසයේ ‘Toxic’ නිවේදනය කළ අවස්ථාවේ සිටම රසිකයන් අතර බෙදීමක් පැවතිණි. ඇතැමුන් පැවසුවේ රන්වීර් සිංගේ ‘Dhurandhar 2’ හමුවේ යෂ්ට අභියෝගයක් එල්ල වනු ඇති බවයි. නමුත් අද නිකුත් වූ අලුත්ම ටීසර් පටයත් සමඟ යෂ්ගේ රසිකයන් පවසන්නේ ඔහු සිය සුපුරුදු ආක්‍රමණශීලී රංගනයෙන් නැවතත් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරනු ඇති බවයි.
ගීතු මෝහන්දාස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘Toxic’ චිත්‍රපටය, කේ.ජී.එෆ් (KGF) චිත්‍රපට මාලාවෙන් පසු යෂ්ගේ ගෝලීය ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














