ඩුබායි හි වර්ධනය වෙමින් පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයට සහය දක්වමින් සහ වාහන බලපත්‍ර ලබා ගැනීමේ පහසුව වැඩි කරමින්, මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් ජබෙල් අලි (Jebel Ali) ප්‍රදේශයේ ‘Al Riyada’ වාහන පරීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානය අද (01) විවෘත කරන ලදී.
පාරිභෝගික පහසුව වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය සතියේ දින 6ක් පුරා දීර්ඝ කරන ලද සේවා කාලයකින් සමන්විත වේ. ඒ අනුව සෙනසුරාදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 7:00 සිට රාත්‍රී 10:30 දක්වා සේවාවන් විවෘතව පවතිනු ඇත. සිකුරාදා දිනවලදී සේවා මුර දෙකක් යටතේ, එනම් පෙරවරු 7:00 සිට මධ්‍යහ්න 12:00 දක්වා සහ පස්වරු 3:00 සිට රාත්‍රී 10:30 දක්වා මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.
මෙම නව මධ්‍යස්ථානය හරහා වාහන පරීක්ෂාව සහ ලියාපදිංචි කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කරගත හැකි බව RTA අධිකාරිය පවසයි. තම ගනුදෙනුකරුවන්ට පමා නොවී සේවාවන් ලබා ගැනීම සඳහා මෙම සේවා කාලයන්ට අනුව සිය පැමිණීම සැලසුම් කරන ලෙස ද එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.














