ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල අද වන විට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමග ම සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බව හෙතෙම පැවසිය.
මුල් මාස හතර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 9.1%ක වර්ධනයක් අත් කරගෙන ඇති රුපියල යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 12.7%ක වර්ධනයක් අත් කරගෙන ඇති අතර ස්ටලින් පවුමට සාපේක්ෂව 10.8%ක සහ චීන යුවාන් මුදල් ඒකකයට සාපේක්ෂව 11.4%ක වර්ධනයක් රුපියල හිමි කරගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 21%කින් ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව 9.5%කින් ද වර්ධනය වී ඇති රුපියල ඕස්ට්‍රෙලියානු ඩොලරයට සාපේක්ෂව 14.2%කින් වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය