යුක්රේනයේ පශ්චාත්-යුධ ආරක්ෂක සහතික සම්බන්ධයෙන් ඇමෙරිකානු එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවලියට රුසියාව එකඟතාව පළ කර ඇති බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ මාණ්ඩලික ප්‍රධානී කිරිලෝ බුඩානොව් පවසයි. ජිනීවා නුවර පැවති මෑතකාලීන සාකච්ඡාවලදී රුසියානු පාර්ශ්වය මෙම එකඟතාව පළ කර ඇති බව ඔහු යුක්රේන රූපවාහිනියට අදහස් දක්වමින් සඳහන් කළේය.
කෙසේ වෙතත්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ සිය රටට සහන සලසා දීම සඳහා දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බවයි. යුක්රේනය බලාපොරොත්තු වන්නේ රුසියාව නැවත ප්‍රහාරයක් එල්ල කළහොත් ඇමෙරිකානු සහ යුරෝපීය සහචරයින්ගේ මැදිහත්වීම සහතික කෙරෙන ශක්තිමත් ආරක්ෂක සහතිකයන්ය.














