ඉරානය කේන්ද්‍ර කරගනිමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම රුසියාවට දැවැන්ත මූල්‍ය වාසියක් අත්කර දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අප්‍රේල් මාසයේදී රුසියාවේ තෙල් අපනයන ආදායම මාර්තු මාසයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක්ව පැවති ඉන්ධන අපනයන ආදායම අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 9 දක්වා වර්ධනය වී තිබේ. ලොව දෙවැනි විශාලතම තෙල් අපනයනකරුවා වන රුසියාව, තෙල් සඳහා පනවා ඇති බදු මඟින් මෙම අතිවිශාල ආදායම උපයා ඇති බවත්, පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති ඉල්ලුම රුසියානු ආර්ථිකයට මෙලෙස වාසිදායක ලෙස බලපා ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.














