රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ අභිරහස් මරණය සිදුව වසර දෙකකට පසු, එම මරණයට හේතුව ‘ඩාර්ට්’ (Dart) නම් ගෙඹි විශේෂයකින් ලබාගත් විෂක් බවට නවතම තොරතුරු අනාවරණය වී තිබේ. බ්‍රිතාන්‍යය සහ යුරෝපීය රටවල් කිහිපයක් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් මගින් මෙම තොරතුරු තහවුරු කර ඇති අතර, මෙය ජාත්‍යන්තර අවධානයට දැඩි ලෙස ලක්වූ කරුණක් බවට පත්ව ඇත.
මියුනිච් ආරක්ෂක සමුළුවේදී (Munich Security Conference) අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් යෙවෙට් කූපර් මහත්මිය සඳහන් කළේ, නවාල්නි රුසියාවේ සිරගත කර සිටියදී මෙලෙස විෂ වර්ගයක් ශරීරගත කිරීම මගින් ඝාතනය කර ඇති බවයි. මෙම විද්‍යාත්මක අනාවරණයත් සමඟ රුසියානු පාලනාධිකාරිය වෙත එල්ල වන චෝදනා තවදුරටත් දැඩි වී ඇති අතර, මීට පෙරද ඔහුට එරෙහිව ‘නොවිචොක්’ වැනි විෂ වර්ග භාවිත කර ඇති බවට එල්ල වූ චෝදනා ද මෙමගින් යළි කරළියට පැමිණ තිබේ.














